ඔබහට බැඳුනේ ඇයිදැයි නොදනිම්...

හැඬමින් තැවුනත් පැරදී ආලෙන්
සැනසෙන්නට වෙර ගත්තත් කෙතරම්
අමතක වෙන්නෙම නැති තරනට මං
ඔබහට බැඳුනේ ඇයිදැයි නොදනිම්...

ළං වෙන්නට සැදුවත් ඇයහට මං
සිහිවෙන්නෙම ඔබ පමණයි නම්
කෙලෙසක වෙනත් ළඳක් ගැන දැං
සිතන්නද, පෙම් කරන්නට මං...

8 comments:

  1. මේ ප්‍රශ්නෙට නම් උත්තර හොයාගන්න අමාරු වෙයි සහෝ.... :(

    ReplyDelete
  2. සෝරෝ මෙකම තමයි මගෙ ප්‍රශ්නෙත්.. එත් මොනා කරන්නද බන්.. ඔහෙ ජොලියෙ ඉමු.. කාලයා මොනව හරි වෙයි.. වෙන ලස්සන කෙල්ලෙක් දිහැ බලද්දිත් බය හිතෙනවා.. මෙකි කොහෙ හරි හැංගිලා බලං ඉදලා සෙනග මැද්දෙ ඇවිල්ලා ඔළුවට හයියෙන් ටොකු ඇනගෙන ඇනගෙන යයි කියලා..

    එහෙම තමයි බන් ජිවිතෙ.. නැති වුනා කියලා හිතලා දුක් වෙන්න එපා.. කොහෙට හරි වෙලා එකි සතුටෙන් ඉන්නවනෙ කියලා සතුටු වෙයන්.. දුක් වෙලා අඬලා කරලා මුකුත් ගන්න බැහැ.. එවට සුදුසු කම් තියන්න ඔනා..

    ReplyDelete
  3. මගේ හදට සිසිල දුන්න අහින්සකාවි.....
    මගේ ළගින් ඈතට ගිය සිදන්ගනාවි.....
    ඔබ ලඟ නැති දුක නිවන්න H2O වි
    යලිත් පැමිණ එකතු වෙන්න හස‍රැල්ලක් වි
    .....මේක කවියට විතරයි....
    ඔයා ආයෙ ආවත් ඔයාට මාව ප්‍රිය නෑ කියල මම දන්නව...

    ReplyDelete
  4. ඒ කෙනාට තරම් ආදරයක් දෙන්න බැරි උනත් ජීවිතේ ගෙවිල යද්දි අලුත් විදියට අලුත් ආදරයක් දෙන්න පුලුවන් වෙයි අයියෙ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සොරො.....ඔය හැමදෙම අමතක කරන්න කාලය ඇවිත් මචං....විරහව අපේ කකුල්වෑල්ලි එල්ලි..අපිව පස්සට අදිනවා....අපි එයාලා ගැන මතක් කරකර...ජිවිතේ...පස්සට යනක්ම්..බලාගෙන ඉන්නවා මෙක හැමදාම කරන්න බැහැනේ මචං.හිත හදා ගන්න අමාරුයි තමයි.......එත්....අපිට කියලා අනාගතයක් ටියෙන්න ඔනේ....වෙච හැමදෙම අමත කරන්න අමාරුවුනත්....මතක් නොකර හිටපන්....අමතක කරන්න තියන හොදම විදිහ...එකතමයි........

    ReplyDelete
  7. සුබ අනාගතයකට අසිරි

    ReplyDelete
  8. @විශ්මි - මටත් මේ ඒක තමා වේලා තියෙන්නේ..

    @රවා - මේක පොදු ධර්මතාවයක් වගේ බං.. කොහොම උනත් උඹ කියපු දේ හිතට ගත්තා..

    @indi - ඉතූතියි මචං කොමෙන්ට් එකට..

    @විහඟි - උත්සාහ ක‍රල බලන්නම්..

    @ඉලංදාරියා - උඹ කියන දේ ඇත්ත මචං.. ඒත් ක‍රන්න අමාරුත් ඒ දේම තමයි නේද..?.. උඹටත් ස්තූතියි කොමෙන්ට් එකට..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..