෴ එපා මා හැර යන්න෴

මිතුදමෙන් දුර ඇතටම
පිය නැගුන මුදු සෙනෙහසක්
ඉපැදුනා මගේ හදවතේ
ඔබ කෙරෙහි සො
යුරියේ...

සිටිනු බැහැ මගෙ සෙනේ
සිර කරන් මගෙ හදවතේ
ඒ නිසයි මම පැවසුවේ
ඔබ වෙතට සොඳුරියේ...

පැවසුවත් මගෙ සෙනේ
උරන වනු මා කෙරේ
එපා මතු කිසි දිනේ
හද දිනූ කුමරියේ...

නොමැති නම් මා කෙරේ
ආලයක් ඔබෙ සිතේ
එපා මා හැර යන්න
මිතු දමින්, මිතුරියේ...


(මේක මම දැනට ටික කලකට ඉස්සර ලියපු එකක්.. අවුරුදු දෙකකට විතර කලින්.. හැබැයි දැන් මෙතන දානකන් කොහේවත් දාලා නැ..)


8 comments:

  1. අඩේ මර ගති මචං

    "පැවසුවත් මගෙ සෙනේ
    උරන වනු මා කෙරේ
    එපා මතු කිසි දිනේ
    හද දිනූ කුමරියේ..."

    ReplyDelete
  2. තමන්ගේ ලගිම ඉනන්න
    හදවතේ ඇතුල් පැතත හොදටම අදුනන...
    මිතුරුයකට ආදරය හිතුනම.....
    ඔය වගේ ම කාගෙත්....
    මුව ගොලුවෙනවා....

    අන්තීමේදී සමාවෙන්න කියන උනොත්....
    අපේ හිත රිදෙනවා...

    ReplyDelete
  3. ආදරය දිනක අපව හැර ගියද
    මිතුරන් කිසි දිනක හැර නොයයි අපව
    දුක සැප දෙකෙහි සමබරව
    බැදෙමු මිතුදමින් දිවිය පුරාවට

    ගැලපෙන්නේ නැද්ද මන්ද... මටත් ඔහොම දෙයක් උනා.. ඒත් අපි යාලුකම තෝරගත්ත නිසා අදටත් හොඳම යාළුවෝ....
    සුන්දර පද පෙලක්...

    ReplyDelete
  4. හරිම ලස්සනයි පද ටික සෝරෝ

    ReplyDelete
  5. ලස්සනයි......

    ඒත් ඒ මිතු දකින වාරයක් පාසාම හිත රිද්දන්නැද්ද??????

    ReplyDelete
  6. මේ විදිහේම අත්දැකීමක් මටත් තියේ....නමුත් ඇය දැන් මා සමග වචනයක් වත් කතා කරන්නෑ...හැබැයි යාළුවෙක් වෙන්න කීවත් මටනම් ඒ දේ කවදාවත් කරන්න නම් බෑ...

    ReplyDelete
  7. සොරො ලස්සනයි කියලා විතරක් යන්නෙ නැහැ. උඹලා අපි එක බොට්ටුවෙ ඉන්නෙ.. වෙදනාව අඩුවෙන්න මුකුත් නැද්ද...?

    ReplyDelete
  8. @වැප් - ස්තූතියි මචං සහෝ

    @ඉලංදාරියා - හිත රිදුනත් තමන්ගෙ හිතේ තියාගෙන ඉන්නවට වඩා ආදරේ ප්‍රකාශ කරන එක හොඳයි නේද මචං..

    @හසී - සදා කාලිකවම එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි...

    @දිල් - ස්තූතියි දිල්[කී]:)

    @හා පැටික්කි - රිදෙන හිත යටින් තියාගෙන උඩින් හිනා වෙලා ඉන්නවා..

    @හසියා - එහෙම නම් ඉතින් දුකක් තමයි නේද.. මොනව කරන්නද මචං කවද හරි දවසක උඹත් එක්ක එයා කතා කරාවි.. බලාපොරොත්තු අපිව ජීවත් කරවනව බං

    @රවා - ඔවු බං අපි එක බොට්ටුවෙ නම් තමා.. වේදනාව අඩු වෙන්න උඩින් හිනා වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..