දුර ඇත, දුරු රටෙක...


අහිමි ලොවක සුව
සොයා ඉගිල යන

මගේ හිත කෙලෙස

රවටවා ගම්ද මා,


යලි කෙදිනකවත්
නුඹ රුව දකිනට

නොහැකි විලසකට

ඔබ ගිහින් මා හැර

දුර ඇත, දුරු රටෙක,


සිහිවෙනා විට මතක
පෙර දිනෙක නුඹ දුටුව

හැඬෙයි සිත රහසේම,


යලිකෙදිනවත්ම මට
දකින්න බැරිවේවීද

නුඹේ ඔය සුදු මූණ

සිතමින් හැමදාම

ගෙවමි දිවි කදුළින්ම...


8 comments:

  1. අනේ දුක හිතෙනවා.... පවු අපේ සෝරෝ.. :(

    ReplyDelete
  2. දුරින් දුරස් වු පෙම කවකට

    ReplyDelete
  3. පෞද්ගලික අත්දැකීමක්ද සෝරෝ?

    ReplyDelete
  4. @හසී - දුක සැප දෙක නිති පෙරලෙයි මේ ලෝකේ...

    @වැප් - දුර යන්න යන්න ඇගේ සුවඳ තවත් ළං වුනා..

    @RanDil - ගොඩාක් අය අතින් නිර්මාණ බිහිවෙන්නෙ තම්ගෙ පෞද්ගලික අත්දැකීම් මත.. එහෙම නේද..
    [මටත් ඒ ධර්මතාවය පොදුයි..]
    ස්තූතියි කොමෙන්ටුවට..

    ReplyDelete
  5. ආ .......... එහෙමද? එයාට ඔයාව දාලා යන්න පුළුවන් වුනා නම් ඇයි ඔයා දුක් වෙන්නේ? ඔයා කරන්නේ වැරැද්දක්. ඒක හරිම වැරදියි. වැරදිම වැරදියි. අපි කැමති නැහැ වැරදි කරන අය එක්ක වැඩි බජනෙට

    ReplyDelete
  6. @RanDil- ඒක ඔයාගෙ කැමැත්තක්.. මගේ තනිකමට ඉන්න වේදනාව නැතිකරන්න කියලද ඔයා කියන්නේ... ටිකක් අමාරුයි නේ ඒක.. බලමු ඉස්සරහට...

    ReplyDelete
  7. හිත පුරාම දුව ඇවිදපු.....
    ටිකිරි සිනහා නුබට පාපු...
    ටිකිරි මලී දුර යනකොට...
    නුබේ හිතට දුක පිරුනා....

    මටත් ඔක ඔහොම උනා..
    අවුරුදු හතරකට වඩා....
    පෙම් හස‍රැල් ගගේ ගිලී
    අපි දෙන්නා සිනාසුනා

    ලව්නම් අනියතන් බුට්නම් නියතන්....

    හිත හදාගමු අමාරුවෙන් හරි,,,,,

    ReplyDelete
  8. නියම වචනෙ මචං "ලව්නම් අනියතන් බුට්නම් නියතන්...."

    හිත හදාගන්න නම් තමයි මචං මේ උත්සාහ කරන්නේ.. බැරි එක තමා අවුල...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..