අතරමං වන මා සිතුම්...




පාළු සිතකට සෙනෙහෙ බිඳුවක්
රැගෙන මා වෙත ඔබ ඇවිත්..

වියැළු කතරෙක දිය බිඳක්

සේ මසිත පිබිදේවී යලිත්...


ඔබගෙ සියුමැළි වදන් අතරේ
අතරමං වන මා සිතුම්...

සදාකාලික නොවූ ලෝකේ

සදාකාලික වේදෝ ඒ පැතුම්....


සැරිසරද්දී සිහින ලෝකේ
ඔබව සිහි වේවී සැනෙන්...

රැයේ සිහිනෙත් මා පතන්නේ

ඔබව පමණයි ආදරෙන්...

9 comments:

  1. "සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික වේදෝ ඒ පැතුම්"

    මෙහෙම හිත හිත නම් ජීවත් වෙන්න බැහැ මචෝ .... :D

    ReplyDelete
  2. @බිඟුවා - ඔහ්... මොකක්ද අවුල... :O

    @වැප් - කියල දීපන් බලන්න හිතන්න ඕන විදිය.. :D

    ReplyDelete
  3. මගෙ ජීවිතේ......
    අඳුරින් පිරී
    කඳුලින් ලියැවී
    තිබුනා...
    ඔබ ආදරේ
    උණුහුම අරන් ඇවිත්...
    හද තුල
    සෙනෙහස සෙව්වා........

    ReplyDelete
  4. @හේමලයා - ලස්සනයි බං උබේ කවිය...

    ReplyDelete
  5. @පිස්සා - ස්තූතියි කොමෙන්ටුවට.. [වැටෙයි බං මම..]

    ReplyDelete
  6. උබ වැටේන්න එපා මචන්..කිසිම වෙලාවක අදරේ කරාලා වැ‍ටුනොත් ....අනිත් මොන්වා කරලා වැ‍ටුනාවගේ නෙවෙයි මම එක හොදටොම දන්නවා...මම කෙල්ලෙක්ට අවුරුදු 4 ක් ආදරේ කරා.... එයා වෙනුවෙන් ගොඩක් දෙවල් කරා.පන්ති යන්න සල්ලි පවා දුන්නේ මම ..හරිම ආදරේන් බලාගතේ මම ඒයාලගේ දෙමාපියොවත් එහෙම නැතුව අති.......ඒත් අන්තිමේදි මාව දලා වෙනකෙනෙක්ව බැදගතා....මම වැ‍ටුනා හොදටොම ...බිමටම වැ‍ටුනා .... ඒදා වැ‍ටුන වැටිල්ල අදවෙන්කම් මම නැගිටින්න හදනවා තාම එතනට එන්න බැරි උනා..... මට තේරේනවා ඔයා හිතේ තියන දුක...අයෙමත් කියනවා මොනවා උනත්.... ඉගේනිමේ කටයුතු අතාරින්න එපා.... ඔබට ජය. ගොඩක් පොස්ට් මට මගාරිලා මම ඔක්කොම කිව වුවා ...

    ReplyDelete
  7. @ඉලංදාරියා - නැ බං මම වැටෙන්නෙ නැ... ඒ සදාකාලික මතකයත් එක්ක මම ජීවත් වෙනව බං.. කොහොම උනත් මට වඩා සැහෙන්න ස්සර්තක මිනිහෙක් බං උඹ.. මම ප්‍රාර්තනා කරනව උඹට ඉක්මනටම ආයෙත් කලින් හිටිය ත්ත්වෙට එන්න පුළුවන් වේවි කියල.. ඒකට ඕන උදවුවක් මගෙන් දෙන්නම්..

    ස්තූතියි කොමෙන්ටුවට..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..