විටෙක සිතෙයි, යන්නට මටත්...




එබිකම් කැරන සඳ එළියට අදත්
සිනහවකින් පිළිවදන් දුන්නත්
දිනෙන් දින ගෙවී ගොස් හෙමින්
මරණයට ලං වෙනව නේද අපිත්...

කිනම් කරුමයක්දෝ මෙය
මියැදුනොත් ඉපැදෙනවාමය
විටෙක සිතෙයි චීවරයක් රැගෙන
යන්නට මටත් බවුන් වැඩුමට...



10 comments:

  1. මටත් ඔය සිතුවිල්ල අනන්තවත් අතිවෙන්වා එත් අපි බැදිම් වලින් බැදිල්ලා ඒවගෙන් ලෙහෙන්න් අහිත හදාගන්නේ නැතිව ඔය ගමන ගිහින් අවැඩක් නැහැ බන්......චිවරයේ ඉදිදිත් ඔය සිතුවිලි ඇවිත් මාරයා වගේ අපිට කරදර කරයි...අපිට අවු පිරෙයි නේද බන්..එහෙම උනොත්...."මම එකක් කියන්නම් උබේ අදරේ එපා කිඋව එක්කෙනා හරිම අවාසනාවන්තයි.."

    හිත හැදෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  2. අපි හැමෝටම මේක හිතුනාට......බැඳීම් බිඳ ගන්ට අවැසි ශක්තිය නැති කම තම පුරස්ස්නේ...:(..

    ReplyDelete
  3. මටත් අනන්ත හිතෙන දෙයක් බන්. ඒත් මම එකඟයි ඉලංදාරියත් එක්ක. මේ බැඳීම් එක්ක අපිට බැහ බන් හිත එකඟ කරගන්න.. එහෙම පුලුවන්නම් අපිට ඔහොම හිතෙන්නෙත් නැහ.

    ReplyDelete
  4. @ඉලංදාරියා - අනේ මන්දා මචං මටත් අනන්තවත් හිතිල නම් තියෙනවා මෙහෙම..
    හැබැයි මම අද නම් මේක දැම්මේ ඇත්තටම එහෙම හිතිල නෙවෙයි..
    "මගේ ආදරය" මගෙන් ඉල්ලිමක් කලා ආදරය ගැනම ලියන්නෙ නැතුව වෙන දේවල් ගැනත් ලියන්න කියලා..
    ඒකයි අද නම් මේක ලියුවේ..
    ____________________________________________

    @හේමාල් - උත්සාහ කලොත් කරන්න බැරි වේවිද..?

    ReplyDelete
  5. @පලාමල්ල - උඹල කියන එක ඇත්ත තමා සහෝ එත් මම මේ දවස් වල උත්සාහ කරනව බැඳීම් අඩුකරගන්න පුළුවන්ද බලන්න..

    ReplyDelete
  6. මෙච්චර රිනාත්මක වෙන්න එපා .....හැම දෙම් සතුටින් භාරගන්න

    ReplyDelete
  7. @වැප් - යථාර්ථය අවබෝධ කර ගැනීම රිනාත්මක සිතීමක් නම් බුදුහාමුදුරුවො ගිහි ගෙයින් නික්මෙලා ගියේ රිනාත්මකව හිතලද..?

    ReplyDelete
  8. මම හිතන්නේ යතාර්ථය කියන්නේ ඔය අපි උබලා පිටින් බලලා කියන අයියෝ මේක කරදරයක් දුකක් කියලා .... ආත්මර්තකාමීව බලලා ගන්න තීරණයක් නෙවෙයි.

    බුදුහාමුදුරුවෝ කියන චරිතය ගිහිගෙය නික්මිලා ගියේ මේ එක රැයින් දැකපු[ අපිට උගන්වන ] නටිකාංගනාවෝ දැකලා නෙමෙයි. ඒක පාරමිතාවක් ....

    ReplyDelete
  9. {හේමලයාගේ කවියකට මල්ලී ලියු කොමෙන්ටුව හා බැඳේ,]

    :@ සෝරෝ මලේ,

    නෙල්ලි ගෙඩියක රස
    මැද සිතින් පිළිගන්න
    ගොරක ගෙඩියක පොත්ත
    පිටු නොදැක් මද කන්න
    ජීවිතය කඳුලක් නොකැර
    සතුටින්ම දිවි ගෙවන්න
    හේමලයෝ උඹටත් හැකි
    වේවා දිවි ජය ගන්න..

    ඔයාගේ කවි පෙළේ හේමලයෝ කියන කෑල්ලට සෝරෝ කියලා දාලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඒක දිහා බලාගෙන කියවාපං බං මලේ. :D

    ReplyDelete
  10. @රන්දිල් - හි හී ස්තූතියි අක්කියො... :D

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..