පායාපන් ප්‍රියේ...


සුවඳ සලන මල් සැමදාමත් සුපිපේද
නුඹ වැනි රුවක් යලි කවදා හමු වේද
රුව තරමට ගුණසුවඳත්නොදෙවෙනිද
ඔබ මෙහි ආවේ කොයි ලෝකේ ඉඳලාද...

නිල් කැට සේම දිදුලන නෙත් යුගල
සිනහ සලන විට රතු වන කොපුල් යුග
සිහි වෙන්නේ ගතවන හැම මොහොතකම
සොඳුරියෙ ඔබට රහසින් ලං වෙලා මම...

නෙත් පියවන ඇසිල්ලකින් මගෙ ලොවට
හොර රහසින් ඇවිදින් කිති නොකවා හිත
පුරා හඳක් පෑයූ ලෙස එරෙහිව කළුවරට
පායාපන් ප්‍රියේ මගෙ
නෙත් අද්දරම...

2 comments:

  1. දෙව් ලොවින් ආව මල් කැකුලක් ගැන වාගෙ කතාව.......

    ReplyDelete
  2. අමාරුයි මිදෙන්න සිහිනයන් තුලින් සැබැය ගොඩක් කටුකයි මිත්‍රයා. මම කාලෙකට කලින් මෙ පැත්තෙ ආවෙ. උඹත් මමත් එකම තැනක ඉන්නෙ වගෙ දැනෙනවා... ජිවිතෙ එහෙම තමයි. සිතු දෙ නොම වෙයි නොසිතු දෙය වෙයි ලොව දම් කැරකෙනවා.

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..