කිම ....


සඳ තරු මිලිනවු මේ යාමේ
වැසි වැටෙමින් අහසත් කඳුළැලි සැලුවේ..


ඔබ ආයෙත් මා නෙත් මානේ

නොපිපෙන බව සැල වූවා මට රහසේ..


ඉඳ හිට සැර වූවත් ළඳුනේ

සැමදාමත් සුව සෙවුවේ ඔබ පහසේ..


සඟවා මා පෙම කුමුදුනියේ

කිම අද ඔහු වෙත රහසින් බැඳුනේ..

5 comments:

  1. "සඟවා මා පෙම කුමුදුනියේ "

    ReplyDelete
  2. කුමුදු මල් පිපෙන්නේ මෘදු සද කිරණේ
    මා නැත නුඹට ගැලපෙන්නේ හිරි කුමරේ

    ReplyDelete
  3. @වැප් - ස්තූතියි සහෝ මේ පැත්තෙ ආවට..

    @වත් - කුමුදු මල් පිපුනත් මෘදු සද කිරණේ
    මා පතන්නේ ඔබ පමණයි මේ සසරේ..

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි මේක.

    ReplyDelete
  5. ස‍්තූතියි අන්ෂ්..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..