අවසරයක් තියේවිද..


හීන අද්දරට වී ඔබ හිනැහෙන කොට
ආසයි මං හැමදා ඒ හීනේම පතන්නට
හැබැහින් ළඟ නැතිබව දැනෙනකොට
හීනෙට සමුදෙන්න දුක හිතෙනව මට

සුළඟක් ලෙසින් මගේ ලෝකෙට
ඇවිදින් මා, නොපැතූ මාහොතක
ආදර වදන් වලින් මගේ හදවතට
කොඳුරලා හද, ගෙන ගියා ඇතක

කොපුල් තල දිගේ වැටෙන කඳුලක
සීතල, හදවතට මගෙ වද දෙන කොට
විකසිත වන්න පෙරුම් පුරන පැතුමට
විකසිත වන්න අවසරයක් තියේවිද..

4 comments:

  1. ලසනටලියල තියනවා ...

    හෑබෑවටම ආදරය වෙන් උනඔත් දුකකි ආදරය..

    ReplyDelete
  2. හදවත තම්බා උන්හුම ලබලා
    කදුලැලි බින්දු ටික සුළගට පවරා
    විකසිත වන්නට නම් නුබ දිවුරා
    අවසර ගනියවූ දෙගුරුන් නැමදා

    ReplyDelete
  3. ස්තූතියි මචං මේ පැත්තට ආවට..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..