කුම​ටද මතු දා....













ඔබ ගැන මතකය සිත රිදවූවත්
නෙතු අග කඳුළැලි මට හුරු වූවත්
ඔබ මිමිණු බස් යළි රැව් දුන්නත්
ආයෙත් නම් ඔබ නොපතමි කිසි දා....

ඔබ ගැන විමසා ලොව, මා රිදවූවත්
ඔහු සමඟින් යනු දැක මා සිහිසුන් වූවත්
මා දිවි​යේ සුව ඔබ අත රැඳුනත්
ආයෙත් නම් ඔබ නොපතමි කිසි දා....

ඔබ නොමැතිව දින එක දෙක ගෙවුනත්
ඔබ එපා යැයි මා සිත සිතුවත්
ඔබ දුන් සැමරුම් අළු කර දැම්මත්
ඔබ නොමැකි ලොව කුම​ටද මතු දා....

5 comments:

  1. වෙලාවකට ආදරේ අපිව ජිවත කරනවා...වෙලාවකට අදරයම ජිවිතේ එපා කරනවා.. උබ විදින් දේ මට් අහොදට දෑනෙනවා .... මගේ අවුරුදු හතර හමරක අදරයක් නතර් උනා .. මම හිතුවෙව මගේ ජිවිතෙම ඒ අදරේ කියලා ..ඒත් ..එක වෑරදි.. පස්සේ මට වෑටහුනා ..යන යට යන්න කියලා මම හිත හදාගත්තා.එයාවෙනුවෙන් මම නොකරපු දෙයක්නෑ... එයාව පන්තියවන මමඉස්සරවෙලාම ජොබ් එක්කට ගියා ඉස්කොලේ යනකාලෙදිම... ස්ටුඩියො එකක විඩියො ලයිට් අල්ලන්න .... එහෙම කරලා එයව පන්තිඈරියෙ..
    GAQ කරන්නත් මම වියදම් කරේ ..එත් දෑන් එයා මගේ ලග නෑ.. එයා බෑදලා ... මම හිත හදාගත්තා මචො උබටත් පුලුවන්නම් හිත හදාගනින්.... අවංක හිතින් කරපු කිසිමදෙයක් ගෑන පසුතෑවෙන්න එපා... ඒ අවංක කමට... වට්නාකමක් ජිවිතය උබට කවදාකහරි ගෙනත් දෙනවා මචො.. මටත එහෙම උනා උබටත් එහෙම වෙයි..... ජය උබට

    ReplyDelete
  2. ලස්සන කවි පෙලක්.... දුක්බරයි...!

    ReplyDelete
  3. තමන්ගෙම සිතුවිලි යටපත් කරන්න දරණ වෑයමක්..කොච්චර යටපත් කරන්න තැත් කලත් නැවත නැවත ඒවා මතුවීමක්.

    ලස්සනට ලියල තියනව මචන්.

    ReplyDelete
  4. කියන්නට වදනක් සොයන්නට
    දුන්න වෙහෙසක් මගේ මනසට
    ආදරය හරි දුකක් යහළුව
    ඒත් මිහිරිම දුකයි මටනම්.....

    ReplyDelete
  5. ස්තූතියි සියැල්ලටම.............!!

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..