ඇයි...


දෑසින් මගේ, සොයන්නේම ඔබගේ රුවයි
දෑසින් මගේ, සැඟවී ඉන්නේම ඇයි...

සවනින් මගේ, සොයන්නේම ඔබගේ හඬයි
සවනින් මගේ, දුර ඈත ඉන්නේම ඇයි...

සුසුමින් මගේ, සොයන්නේම ඔබගේ සුවයි
සුසුමින් මගේ, ළඟ නෑවිත් ඉන්නේම ඇයි...

කඳුළින් මගේ, නොපතන්නේම ඔබගේ මුවයි
කඳුළින් මගේ, ළඟ ඔබ ඉන්නේම ඇයි...

8 comments:

  1. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  2. අයි ඩෝන්ට් නෝ වයි.. එහෙම වෙන්නේ ඇයි..

    කාලෙකින් ලියලා ලස්සනයි :)

    ReplyDelete
  3. format කරලා අළුතෙන් දාන්න OS එක ...ඔය ලෙඩේ හරියනවා....

    ReplyDelete
  4. හප්පේ මම දන්නෙ නැහැනෙ මෙයාට මෙච්චර ලස්සනට කවි ලියන්න පුලුවන් කියල.....!!!

    ReplyDelete
  5. ඉල්ලන දෙවල් ලැබෙන්නේ නැ ..ඔව්වා ඔහොම තමයි..:p

    කවි පෙළ ලස්සනයි :DDDDDD

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..