මම ආදරේ වෙලා..

      http://weheartit.com/entry/14963027

මේ තරමට මාව 
අසරණ කරන්න පුළුවන් ද
දැණුනු ඒ සෙනෙහසට
කවදාවත්ම හිතුවෙ නැති විදියට
මගේ හිත නැවතිලා ඔබ ළඟම

මේ තරමටම මාව
වියවුල් කරන්න පුළුවන් ද
ඔබට බැඳි සෙනෙහසට
කිසි දෙයක් ගැන හිතන්න බැහැ
සිතෙන්නෙ ඔබ ගැනම

මේ තරමට මාව
වෙනස් කරන්න පුළුවන් ද
ඔබට බැඳි සෙනෙහසට
කොයි විටක වත් නොසිතූ ලෙස
මම ආදරේ වෙලා ඔබට

35 comments:

  1. අනේ මංද මූට මොනව වෙලාද කියල.. යසට හිටපු එකා...

    ReplyDelete
    Replies
    1. ඇයි බං මේ තාම ඉන්නේ යසට... :D

      Delete
  2. අරූ ට වෙන එකෙක් හොයා ගන්න වෙයිද මන්ද......:D

    ReplyDelete
  3. හිත නැතිකර ගන්න නම් එපා මචං .....
    උබට අයිති දෙයකට ඔක විතරයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒකත් මට අයිති නෑ... :D

      Delete
  4. හප්පා.. එළ එළ ඒ කියන්නේ දැන් ඔයා පිස්සෙක්

    ටෙම්ප්ලෙට් එක නියමයි

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අපි පික්ෂෝ... :D

      Delete
  5. මොකද බන් උබ තාම අස්පය ගැන හිතනවද

    ReplyDelete
  6. ඈ... මොකෝ උණේ? :(

    ReplyDelete
    Replies
    1. වෙන්නෝන නරකම දේ වෙලා... :D

      Delete
  7. ආදරය කියන්නේ තේරුම් ගන්න අමාරුම දෙයක්.. ලස්සනයි කවි පෙල.. කෝ අර කලින් පැත්තකින් හිටපු අස්පයා...

    ReplyDelete
    Replies
    1. අස්සයා හිටියේ මේකේ නෙවෙයි බං අනිත් එකේ... :D

      Delete
  8. හෆ්ෆේ ඇඳුමත් වෙනස් වෙලා මෙයාට මක්කා වෙලාද මේ... ;)

    ලස්සනයි පද පෙළ.. :)

    ReplyDelete
  9. මේ තරමට නම් බෑ වගේ...

    ReplyDelete
  10. දාලා ගියා කියලා මතක් වෙද්දි ඉන්න බැහැ නෙද බන්...
    මටත් එහෙමමයි...
    අවුලක් නැහැ වගෙ හැසිරිලා ඉලඟ එක ගොඩ දාගමු...
    කොට්ටාව පැත්තට රෙඩාර් එක අල්ලපන්.. බැරි වුනොත් මහරගම නරකම නැහැ.. :D

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු රබර් ඇහැ දාලා බලන්නෝන... :D

      Delete
  11. හැබැයි අවුලක් නැහැ වගෙ හැසිරිද්දි අනිත් උන් දන්නවා මුට හොදටම අවුල් කියලා :D:D:D

    ReplyDelete
    Replies
    1. ඒක නිසා එහෙනම් අවුල් වගේ හැසිරෙන්නම්... :D

      Delete
  12. ඔබ තරමට මා නැලවූ....
    ඔබ තරමට මා හැඬවූ......
    වෙන කෙනෙක් නොමැත දියතේ........

    ReplyDelete
  13. මම කිවුවෙ බං අහෝ දෙවුදත් නොදිටි මොක්පුර තාලයට ගයන්න කියලා :D

    ReplyDelete
    Replies
    1. දෙවුදත් පවුනේ... :D

      Delete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..