ගොළු කර ගමි මම...

http://hopeatcenterhill.com/?cat=8

තරුවක් ගිලිහී බිමට වැටෙන සඳ
සඳ පමණක් හිනැහී බබලයි අද
තරු නැති මුත් අහසේ සඳ වටකර
සඳ හිනැහෙයි ඔබෙ රුව සිතුවම් කර...

පැතුවා සේ ඔබ පෙර සසරක
හිනැහී දොඩමළු වෙයි මා අභියස
ළං කර ගෙන තුරුලට මා හනිකට
සතපන්නට ආසයි මා කිරිළිය විලසට...

සුන්දර ඔබ හිනැහෙනු දුටුවම
පෙම්බර මගේ හද ඉගිලෙයි රහසෙම
එනමුදු බැඳි පෙම හබහට කියනට
බිය හින්දා පෙම ගොළු කර ගමි මම...

10 comments:

  1. ඔහොම ඉතිං එහෙ මෙහෙ හිර කරං ඉඳලනම් ගොඩයන්න බෑ! :D

    ReplyDelete
  2. ඔහොම හිර කරන් ඉන්න එපා බන් කොයි වෙලේ හරි පුපුරයි

    ReplyDelete
  3. බය වෙන්න එපා අනේ... කිව්වා කියල ඔයාව කන්නෙ නෑනේ....

    ReplyDelete
  4. මමත් ඔහොම හිටියා හිරකර ගෙන ,එත් වැඩක් වෙන්නේ නෑ.. ඉක්මනට කියන්න... පරදින්න දෙන්න එපා

    ReplyDelete
  5. හිරකරගෙන ඉදලනම් හරියන්නෑ ඔව්වා...

    ReplyDelete
  6. මෙවුවට කොමෙන්ට් කරන්න තේරෙන්නෙ නෑ ඕයි

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං මටත් පිස්සු වගේ මෙවුව දැක්කම :D

      Delete
  7. මෙයාට මොකද මේ.. හිර කරගෙන ඉන්න එපා අභීත කපු සේවය අමතන්න මෙයා ;)

    ලස්සන අදහසක්..

    ReplyDelete
  8. සෝරෝ මේ කාට බයේද අප්පා පෙම ගොළු කරලා තියා ගන්න හදන්නේ.. ඔන්න ඔහේ කියලා දාමු..

    ReplyDelete
  9. අනේ මන්දා...ඔන්න ඕක කියලා දාන්න අයියේ.....අල්ලගෙන කන්නේ නැනේ කිව්වා කියලා....

    පද ටික නම් අපූරුයි....

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..