ඔබ නමටයි දැං පෙරුම් පුරන්නේ...



පියවෙන නෙතු මත ඔබව පෙනෙන්නේ
දෙසවන් මත ඔබෙ හඬ රැව්දෙන්නේ
සිත ඇතුලෙන් උඩු යටිකුරු වෙන්නේ
සුභ සිහිනෙක සිතුවිළි පැටලෙන්නේ...

බලාගත් අතම බලා සිටින්නේ
සිත වෙත නැහැ වෙන කිසිවක් එන්නේ
පෙර සසරෙත් ඔබ පැතුවා වැන්නේ
මගෙ කරගන්නට පෙරුම් පුරන්නේ...

සිහිනෙන් ඇවිදින් රහස් කියන්නේ
හොරැහින් බැලු හැටි මට සිහිවන්නේ
ආයෙත් ආදර මල් පූදින්නේ
 ඔබ නමටයි දැං පෙරුම් පුරන්නේ... 

8 comments:

  1. ආදරේ දැනුනම ඔහොම තමයි.. ලස්සන අදහසක්...

    ReplyDelete
  2. බොහෝම අපූරුයි.....:D :D

    ReplyDelete
  3. හිතුමතේ ගොඩ වැදුනු මුල්ම දිනයේම ආදරිණිය කවි පද ටිකක්..

    පෙරුම් පුරනා පෙරුමන්
    ඉ‍ටුවෙනා දිනයන්
    ලංව හිත සතුටින්
    ගෙවන්න හැකිය දිවිය ඉසුරින්

    ReplyDelete
  4. අශ්වයා අතාඑරලා දාලා වගේ ඒ කියන්නේ... අනේ අහින්සක කොල්ලට ගිය කල....... !

    ReplyDelete
  5. අර රංගයියා කිව්ව එක්කෙනා නේද? :D

    ReplyDelete
  6. මෙව්වා දකිද්දි නන් රට්ටු කියන කතා ඇත්ත කියලා හිතෙනවා අප්පා :-D

    ReplyDelete
  7. හික් හික්.හික්.. මෙහෙමත් එකක් වුනා ද.. දැන් නේ දැක්කේ..

    සිරාවටම එළ කවි ටික

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..