සිහිනයෙ රූ මවා
සිත ගෙන පියඹා
ගිය සඳවති මා
හද බැඳි පෙමිනා
මා පසු තැවෙනා
බව ඇය නොදැනා
මේ ලෙස හිනැහෙනා
විට මට දැනුනා
මගෙ මුළු ලොවමා...



සිහිනෙන් මා ළඟ සරණා
හැබැහින් ඔහු ළඟ ඉන්නා
පෙම් කැර මුත් මා පෙරදා
මට පෙම නොකැරපු, පෙරලා

තවමත් මා පෙම් කැරනා
දැන් දරු සුරතල් බලනා
මා අමතක කැර සිටිනා
ඔබෙ උපන් දිනයි මෙදිනා

සිවු වසැරක මතකෙට පියඹා
ඔබැ හමු වූ සැටි සී වී හැඬුනා
තරහක් නෑ කුමරියෙ කිසිදා
කුමරියෙ ඉනු මැන තොසිනා

ඉතින් මා දයාබර සොඳුරියේ
ඔබේ ජීවිතය සාර්ථක වී
සියලු පැතුම් ඉටු වී
ජීවිතය ලස්සන වේවා...!!
සුභ උපන්දිනයක් වීවා...!!

කලින් කල
තැනින් තැන
විටෙන් විට
ළඟින් හිඳ
සවිය වුන
මිතුර ඔබ
දිනෙන් දින
ටිකෙන් ටික
දුරින් දුර
ගොසින් ඔබ
කොයිද අද
සොයයි හද..


කොහෝ හඬ නෑ ඉස්සර සේ
රෑයියන් ඉගිල ගොස්, නෑ මායිමේ
එරබදු මල් නැතත් රතට රතේ
මගේ හිතෙ පිරී ඇත සන්තෝසේ...

අවුරුදු කුමරා නැතත් වැඩියේ
මා කුමරිය පිපුනා දෑස් මානේ
හොරා කීපයක් වුවත් ඈ සිටියේ
ඒ ටික වටී, නැතත් අන් සියළු දේ...

දිගු කලෙකිනුයි ඈ අද දුටුවේ
පෙරදා නැති රුවින් දිලුනේ
හිමි නැතත් ඈගේ සෙනෛහේ
වරක් දුටුවම සියළු දුක් දුරුවේ...

විනාඩිය‍ට හතලිහයි රුපියල්
සීයට විනාඩි දෙකයි පුළුවන්
සීයක කාඩ් එකක් දාං රුපියල්
මම කතා කලා අමතක ද දැං...

කාලය නම් පියඹලා ගිහිං
අමතක නෑ මතකය නම්
කලකින් ඇමතුවේ නැතත් මං
හිත තාම ලෙංගතුයි ඉතිං...

ටික ටික වයසත් යයි දැං
ගෙදරින් කලත් බලපෑම්
කුමක් කරන්නද මං
හිත තාම ඔබ ළඟ නම්...



මිහිදුම් සිහින විකසිත වන යාමේ
ඔබත් මාත් එක්වී මේ සැණකෙළියේ
ලොවම අමතක වූ මොහොතේ
ආදරෙන් එක් වී ඉමු පෙම්බරියේ...

සවන් මත ඔබ දෙතොල් තියා හෙමිහිට
ආදරෙයි කී විට ලොවම අමතක වුනා මට
නෑසියන් දෙගුරුන් හරස් වූවත් අප හ‍ට
මේ ආදරෙන් මිදෙන්නෑ මා කිසිම විට...

ප්‍රේමය නම් එක්තරා භාවනාවක් බව
කියා තිබෙනව ලු පුස්කොල පොතක
එහෙයින් මිදෙන්නද භාවනාවෙන් මම
මියෙන තුරු බවුම් වඩනු මිස, අභියස ඔබ...



ඔබ ව දුටු සඳ
මට මගේ හද
අහිමි වී ගිය සඳ
බැඳුනු මා පෙම් හද
ඔබ සොයා පැමිණි සඳ
පෙම කියූ සඳ
අමනාප වූ ඔබ හද
කතා නොකර අද
තහංචි දමා හද
මගහැර යන සඳ
කෝම වාවන්න ද
http://hopeatcenterhill.com/?cat=8

තරුවක් ගිලිහී බිමට වැටෙන සඳ
සඳ පමණක් හිනැහී බබලයි අද
තරු නැති මුත් අහසේ සඳ වටකර
සඳ හිනැහෙයි ඔබෙ රුව සිතුවම් කර...

පැතුවා සේ ඔබ පෙර සසරක
හිනැහී දොඩමළු වෙයි මා අභියස
ළං කර ගෙන තුරුලට මා හනිකට
සතපන්නට ආසයි මා කිරිළිය විලසට...

සුන්දර ඔබ හිනැහෙනු දුටුවම
පෙම්බර මගේ හද ඉගිලෙයි රහසෙම
එනමුදු බැඳි පෙම හබහට කියනට
බිය හින්දා පෙම ගොළු කර ගමි මම...
      http://weheartit.com/entry/14963027

මේ තරමට මාව 
අසරණ කරන්න පුළුවන් ද
දැණුනු ඒ සෙනෙහසට
කවදාවත්ම හිතුවෙ නැති විදියට
මගේ හිත නැවතිලා ඔබ ළඟම

මේ තරමටම මාව
වියවුල් කරන්න පුළුවන් ද
ඔබට බැඳි සෙනෙහසට
කිසි දෙයක් ගැන හිතන්න බැහැ
සිතෙන්නෙ ඔබ ගැනම

මේ තරමට මාව
වෙනස් කරන්න පුළුවන් ද
ඔබට බැඳි සෙනෙහසට
කොයි විටක වත් නොසිතූ ලෙස
මම ආදරේ වෙලා ඔබට

සීතළ මඳ නල හමා එයි
ඇට මිදුලු සලිත වෙයි
පාළුව තනිකම දැනෙයි
ඔබ ගැන සිහියට එයි...

ජංගමය දෙස හැරෙයි
SMS ඇත්දැයි බලයි
නැති විට දුක හිතෙයි
එන තුරු මඟ බලයි...

යළි දුරථනය ගනියි
ඔබේ අංකය කරකවයි
ඔබට කරදර දෝ සිතෙයි
සැනෙන් යළි Cut කරයි...


නිමේෂයකින්, පායපු සඳ
කළු වළාවකින් වැහුනු සඳ
යලිත් එබෙන තුරු සඳ
මා බලා සිටින සඳ
එබෙන්නට පෙර එ සඳ
යළි වළාවක් පැමිණි සඳ
වැසිගොස් සරා සඳ
තනි කලා මා හද

සදාකල් නොරැඳුනත් අපි
සදාකල් රැඳෙ පෙම හිතේ
ඔබ තරම් නෑ කිසි කෙනෙක් 
ළං වෙලා තව සෙනෙහසින්...

තුන් වසක් ගෙවිලා ගිහිං දැං
පීදිලා ඔබ මගෙ හිතේ
එක දිනක් වත් නෑ, කියා තව
ඔබ මගේ යැයි ආදරෙන්...

පෙරුම් පිරූවත් ළඟ හිඳින්නට
මා රැඳුනෙ නෑ ඔබ හදේ
තුන්වසක් ගොස් සිහි වුනා මට
ඔබ හමුවු හැටි අහම්බෙන්...

මල් මිටක්වත් එවනු බෑ මට
අද වුනත් ඒ සුන්දර දිනේ
සියළු පැතුමන් කවියකින් අද
පතන්නම් මා ආදරෙන්....

දිකු කල් ජීවත් වේවා....!!
සියළු පැතුම් ඉටු වේවා....!!
නීරෝගි සුව අත් වේවා....!!
සුභ උපන්දිනයක් වේවා....!!
.

වස්සානයට පිපෙන්න වෙර දරන
සිත් මල අභියස පිපුන
හෙමි හෙමින් හදවතට පිය නගන
වරා කැකුළ ගති හැඳින

පුරා සඳ ගුවනේ දිලෙන විට සොඳින
මවා ගති ඔබෙ රුව එතන
නිවා ගන්නට දුක, මා හදවත විඳින
නුඹ පිපෙන්නේ කෙදින

නිමක් නැත හැඟුම් ඔබ ගැන එදින
පුබුදුවන විට මා සොඳින
දරා ගනු බැරි දුකක් දැනේ මෙදින
ඔහු හා ඉන්න බව දැනුන

http://manvsclock.com/wp-content/uploads/2011/08/sad-face.jpg


හද විල මැද පිපි සුවඳ මලයි ඔබ
හද තනි කර ඉවත ගියත් අද
එනමුදු ඔබටයි රැඳුනු සෙනේ තව
ඔබ හිමි නැති බව දැනගත්තත් මම

දුර ඈත දුරු රටක සිටියත් ඔබ
නොදැකීම පෙම් බැන්දා ඔබට මම
පෙර භවයක ඔබ කලින් සමු ගත් හින්දම
මා සෙනෙහස පිටුපෑවේ ඇයි ඔබ

දින සති මාස වසර ගනන් ගෙවුනත්
මියැදුනේ නෑ ඔබට බැඳි සෙනෙහස මා
වෙනත් පෙමක සුව විඳ විඳ ඔබ
මට රහසෙම ඇවිත් ඔබ මවු රට
ehappy.wordpress.com

ඔබ මගේ හද
රැගෙන ගිය සඳ
නිකැළැල් මා හද
අහිමි වී අද
බලමි පෙර මඟ
රැගෙන සඳෙ ද හද
යළි එයිද සඳ
නොදැන මා හද..