කොහෝ හඬ නෑ ඉස්සර සේ
රෑයියන් ඉගිල ගොස්, නෑ මායිමේ
එරබදු මල් නැතත් රතට රතේ
මගේ හිතෙ පිරී ඇත සන්තෝසේ...
අවුරුදු කුමරා නැතත් වැඩියේ
මා කුමරිය පිපුනා දෑස් මානේ
හොරා කීපයක් වුවත් ඈ සිටියේ
ඒ ටික වටී, නැතත් අන් සියළු දේ...
දිගු කලෙකිනුයි ඈ අද දුටුවේ
පෙරදා නැති රුවින් දිලුනේ
හිමි නැතත් ඈගේ සෙනෛහේ
වරක් දුටුවම සියළු දුක් දුරුවේ...
දුර තියා නුඹ රුවට ලොල්වී
ReplyDeleteකොහා කොහෙ යයිද එරබඳු රතින් වෙන්වී
අවුරුදු නැකත ගෙවුනමා ලොව හෙටත් එලිවී
ඇය නැවත වෙන් වෙයිද මේ සිතට දුක් දී...
දැක්කනං ගිහින් උස්සං වරෙන් යකෝ...:-D
අනේද කියන්නේ..?
Deleteඇත්ත කෙටි වෙලාවකට උනත් ලග ඉන්න පුළුවන් උනත් ඒ මොහොත ඇති ගොඩක් කාලෙකට හිත පිරෙන්න.. ලස්සන සිතුවිල්ලක්..
ReplyDeleteහිමි නැතත් ඈගේ සෙනෛහේ
ReplyDeleteවරක් දුටුවම සියළු දුක් දුරුවේ...
කොල්ලො අපි හැම දාම ඔහොමයි හිතුවේ ..
ඕවට හෙන ප්ලෑන් තියනවා බන් ,,අවුරුද්දේ ඒවා ක්‍රියාත්මක කරහං,,අර පසනා එකක් කියලා තියෙන්නේ,,,,කොහොම හරි සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ
ReplyDeleteදිනේෂ් අයියගේ අදහස එක්ක මාත් එකඟයි... පොඩි වෙලාවත් හුඟක් වැදගත්.. හුඟක් වටිනවා... ගෙවෙනවා දැනෙන්නෙත් නෑ...
ReplyDeleteඅතැඟිල්ලක එල්ලී
ReplyDeleteඔය නෙතට එබී.....
හසරැල්ලක මුසුවී....
නුඹ ලඟම රැඳී......
ඉන්නට ඇතිනම්
ඔබෙ සුවඳේ වෙලී.......
මුළු ලොවට වඩා.....
මට ඒ මොහොත වටී.......
අහ් එහෙනම් මේ අවුරුද්දම සුබයිනේ.....
ReplyDelete/ *** දිගු කලෙකිනුයි ඈ අද දුටුවේ
ReplyDeleteපෙරදා නැති රුවින් දිලුනේ
හිමි නැතත් ඈගේ සෙනෛහේ
වරක් දුටුවම සියළු දුක් දුරුවේ... *** /
ළඟ උන්නු ඈ,
දුර ගිහිං දැන්,
දුර ඉඳං මං,
බලනවා,
හොර හොරෙන්...
දැක සිනහ,
ඈ පාන මුවපුරා,
තුටු වෙමි මං,
පිසදමා,
කඳුළු පිරි,
නෙත්...