ගති හැඳින..

.

වස්සානයට පිපෙන්න වෙර දරන
සිත් මල අභියස පිපුන
හෙමි හෙමින් හදවතට පිය නගන
වරා කැකුළ ගති හැඳින

පුරා සඳ ගුවනේ දිලෙන විට සොඳින
මවා ගති ඔබෙ රුව එතන
නිවා ගන්නට දුක, මා හදවත විඳින
නුඹ පිපෙන්නේ කෙදින

නිමක් නැත හැඟුම් ඔබ ගැන එදින
පුබුදුවන විට මා සොඳින
දරා ගනු බැරි දුකක් දැනේ මෙදින
ඔහු හා ඉන්න බව දැනුන

8 comments:

  1. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  2. වස්සා නයට අත වනල ඉමු මග බලන් වගේ නේ..

    ReplyDelete
  3. මුළු කවියම උපරිමේටම රස වින්දා..

    "දරා ගනු බැරි දුකක් දැනේ මෙදින
    ඔහු හා ඉන්න බව දැනුන.."

    අන්තිම පේලියනම් ටිකක් විතර දුක හිතුනා..

    ReplyDelete
  4. කවි ටික මරේ මරු... මුවහත් කඩුවක්නේ..

    ReplyDelete
  5. දුක හිතුනා... :(

    ReplyDelete
  6. සංසාරේ....... එදා දැක්කට මදිද බං.. ආයෙත් දකින්න ඕනිද..:-D

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..