බවුම් වඩමි...




මිහිදුම් සිහින විකසිත වන යාමේ
ඔබත් මාත් එක්වී මේ සැණකෙළියේ
ලොවම අමතක වූ මොහොතේ
ආදරෙන් එක් වී ඉමු පෙම්බරියේ...

සවන් මත ඔබ දෙතොල් තියා හෙමිහිට
ආදරෙයි කී විට ලොවම අමතක වුනා මට
නෑසියන් දෙගුරුන් හරස් වූවත් අප හ‍ට
මේ ආදරෙන් මිදෙන්නෑ මා කිසිම විට...

ප්‍රේමය නම් එක්තරා භාවනාවක් බව
කියා තිබෙනව ලු පුස්කොල පොතක
එහෙයින් මිදෙන්නද භාවනාවෙන් මම
මියෙන තුරු බවුම් වඩනු මිස, අභියස ඔබ...

6 comments:

  1. නෑසියන් දෙගුරුන් හරස් වූවත් අප හ‍ට
    මේ ආදරෙන් මිදෙන්නෑ මා කිසිම විට...

    ReplyDelete
  2. ලස්සන සිතුවිල්ලන්.. ආදරේ භාවනාවක්.. ඇත්ත...

    ReplyDelete
  3. හැමදාමත් මේ වගේ ඉන්න නම් හැමදාම ලෝකේ සැණකෙළි තියන්න වේවි... :(

    ReplyDelete
  4. පෙම අසල අතරමං අපි..,
    උභතෝකෝටිකයකි ජීවිතය..

    ReplyDelete
  5. කොල්ලා ආයේ හිච් වෙලා වගේ . . එල ඈ සිංදුවකටත් හොඳා මේක

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..