ළං නොම වේවා



දිගු කලෙකින් ඔබැ මතකෙට සපැමිණ
අමතක කැරුමට වෙරගත් සෙනේ සිහිකැර
සුවපත් වූ මා සිත රිදවා හොඳටම
රැගෙන ගියා මා සිත ආයෙත් ඔබැ ලඟටම...

පිරිසිදු සෙනෙයස ඔබැ වෙත පිදුවම
හැරදා ගියත් ඔබැ මාගෙන් දුර ඈතට
ඔබැ වෙත බැඳි සෙනෙහේ පිවිතුරු හින්දම
වෙනත් ළඳක් වෙත ලං වනු බැහැ කිසිදින...

කඳුලක් වුනත් මා පැතු ඒ සෙනෙහස
සතුටින් ගෙවෙයි නම් ඔබෙ පෙම්ලොව සුන්දර
කහටක් හිතේ රඳවා ගන්නේ කෝමද
කිසිදින ළං නොම වේවා ඔබැවෙත ගින්දර...

2 comments:

  1. සිරාවටම ආදරේ කරපු හදවතක් ....

    උබටත් අයේ කවදාකවත් ලංනොමවේවා ගින්දර

    ReplyDelete
  2. ඉලංදාරියා කර ප්‍රාර්තනාවම තමයි මමත් කරන්නේ මචන්....

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..