තිසරාවිය සේ.......



සිහිල් සුළං රැල් හමනා සැඳැවේ
අමුතු හැඟුම් හිත ඈතුලට හමා ඒ
යාන්තමින් ඔබ මට දුන් සිනාවේ
රහස කියා දෙනවද මට ප්‍රියාවේ....

කාන්සියක් ​හිත දැවටෙන වෙලාවේ
ඔබැ හමුවූ පෙර දා සිහි වුනා වේ...

තිසරාවිය සේ, මා හද විල් තලාවේ
සුඳ සලනු මැන මා සුමිහිරාවියේ...

8 comments:

  1. අද තමා මෙච්චර දවස් ඉඳලා මේ බ්ලොග් එකට ආවේ..
    හ්ම්ම් එලස්..
    කවුද මේ සුමිහිරාවි ?

    ReplyDelete
  2. අපූරුයි...කවුද ඒත් මේ තිසරාවි...

    ReplyDelete
  3. කව්ද බන් සේ තිසරාවී....???
    ලස්සන පද වැලක් සෝරෝ...

    ReplyDelete
  4. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  5. හොඳයි මචං හරිම ලස්සනයි ...පරන සිද්දියක් ආයේ මතකෙට ඇවිල්ලා වගේ ?

    ජය වේවා !!

    ReplyDelete
  6. @සිරකරුවා - එළ එළ අද හරි ආවනේ​ මේ පැත්තේ...

    @කෞෂි - ස්තූතියි... ඈයි අරයා දන්නේ නැද්ද...

    @ප්‍රියා අයියා - ඒ අරයා නේ බං... ස්තූතියි මචෝ...

    @සින්​ඩිය - එළ එළ...

    @හිස් අහස - ඔවු බං ඒවා අමතක වෙන්නේ නෑ නේ... ස්තූතියි මචෝ...

    @මුතු පබා - ස්තූතියි...

    @තනෝජා අක්කා - ස්තූතියි...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..