සිහින වසන්තය




















වළා පෙලින් සඳ වැසෙනා වෙලාවේ
ඔබෙ රුව සිතුවම් වේ සුදු වළාවේ
දහවල් සඳ ඔබෙ මුවේ දුටු සිනහවේ
කාන්තියට මුළු අහසම එලියවේ...


හීන් හඬින් ඔබ කෙඳිරූ වදන් පෙලේ
සුන්දර තැන් තවමත් රැවූ පිළි රැවූ දේ
සැඟවිලා ආදරයෙන් මා පපු තුරුලේ
සිප ගත් සැටි සිහි වේ නිදි යහනේ...


ආදරයෙන් යලි හමුවන්නට හෙට දිනයේ
පෙරුම් පුරා බලා හිඳිමි ආදරියේ
සිහින වසන්තය කැඳවා රෑ සිහිනේ
හෙට හමු වන්නට පෙර හමුවෙමු පෙම්බරියේ...

4 comments:

  1. ආදරය ජීවමානව දැනෙන්නේ දුරින් සිටිද්දීය.‍

    ලස්සනයි...

    ReplyDelete
  2. ලස්සනයි..........

    හැම මොහොතෙම ලඟ නැතුවට
    මතක හුගාක් ඇත මා ලඟ

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  4. අපූරුයි පද වැල යාළු

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..