දුරක පිපීලා මා මල...

http://favim.com/colors/FFB4B4/page/13/

සිහිල් සුළං රැල් ගඟ සිඹ හමා එන සඳ
සිතුවේ නැති විලසින් හමු වෙලා ඔබ
ඇස් කොනින් කී කතා සිහි වෙලා අද
දස දහස් වරක් රහසින් හඬනවා මා හද

මුවින් නොබැන මුණිවත් රැකි ඔබ
නෙතින් කී කතා මත් කලා මා හද
යාන්තමින් සිනහවක් මා දී වෙත
මා වෙත කල ඇරයුම සී වුනා මට

දෙදිනක්ම මා නෙතු අද්දර පිපි එ මල
සමු අරං යන්නට පෙරැ මා තනි කැර
විමසූ විට රාසින් මා සැනසූ මල ගැන
කිසිදා ළං වනු බැරි දුරක පිපීලා මා මල

5 comments:

  1. ......
    පවනින් ගෙන එනා සුසුමින් පවසනා සඳ
    නැතුවද ඉතින් තව එක් වී අපෙ දෙහඳ
    සුසුමින් කියන පණිවුඩ අමුණා පවනින් නිබඳ
    තව එක් දිනක් මේ ලෙසකින් නිමවේවිද සබඳ

    ReplyDelete
  2. පිපිලා දුර ඈතක මා ආදරේ කල මල
    මට අහිමි දුක් කවිය ලියා තබා සිත ලග
    ඇදෙද්දි දුර ඈත ලංකර කඳුළු බිදු දෙනෙතට
    මං කොහොම ඉන්නද නුඹට දුන්න මගේ හිත නැතුව..

    ReplyDelete
  3. සුවඳ එනවානම්
    ලස්සන පේනවානම්
    ආදරේ කියන්නේ හැඟීමක් නම්
    දුර පිපුනට
    නෙලා ගන්න ඕනෙ නෑ
    රස විඳින්න....
    නෙළා ගත්තම රස නෑ.....
    එපා වෙයි.....
    නෙලා ගන්න බැරි දුරක තියෙන කොට
    ඒකෙ වටිනාකම වැඩියි

    ReplyDelete
  4. අනේ මම කවි ලියන්න නම් දන්නෙ නෑ. ඒ නිසා මේක ලස්සනයි කියලා කවියකින් කියන්න තේරෙන්නෙ නෑ. කොහොම වුනත් අපූරු නිර්මාණයක්.මේක ඔයාට ලැබිලා තියෙන හොඳ දක්ෂතාවයක්.තවත් මේ වගේ අපූරු නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..

    සෙනුරි(Angel_Senuri @ Zoom.lk)

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..