අබුද්දස්ස කාලේ
අහස උසට ජීවන බර වැඩි වෙන්නේ
අය වැයකුත් ළඟ ලඟදිම පැමිණෙන්නේ
ඒකෙන් වත් සෙතක් වේද සිතමින්නේ
අප්පච්චී නිරතුරුවම පසුවන්නේ...
බඩු මිල ටික ටික පියඹන්නේ
ජීවත් වෙන අමාරුබව පෙනෙන්නේ
ගෙදරින් නිසා තාමත් කන්නට දෙන්නේ
ජීවන බර පොඩ්ඩක්වත් නොදැනෙන්නේ...
හැමදාමත් මෙහෙම ඉන්න බැරිවෙනේ
මගෙ දේවල් මට කරගන්න සිදුවෙන්නේ
ඒ හින්දා ඉදිරිය ගැන මට සිහිවන්නේ
සිහිවනකොටම බියැකුත් මට දැනෙන්නේ...
පංති යන්න සල්ලි ඕන, මල්ලි කියන්නේ
කොන්ඩෙ බඳින්න එකක් ඕන, නංගි හඬන්නේ
සීනි නැතුව තේ බොනවද, අම්ම අහන්නේ
මේව ඇහෙන විට, මට තනියම හැඬෙන්නේ...
කවදා හිතට සැනසීමක් දැනේදෝ
හැමදා මෙදුක උහුලන්නට වේ දෝ
මේ ලෙස ගෙවෙන්නේ පෙර කල පවක් දෝ
අබුද්දස්ස කාලේ කුමට උපන් දෝ...
කාලේ වැරැද්දම ද සොරෝ..? හිතාගන්න බැරිතරම් ආත්මාර්ථකාමි සමාජයක් නිසාම නේද මේ..?අපිටත් ගොඩක් දැනෙනවා "කරදර" ඒත් අපි තාම මුහුණ දෙන්නෑ..කවදාහරි..මුහුණ දෙන්න වෙයි..
ReplyDeleteඅහස දෙබෑ කරගෙනමයි ඔය එන්නේ
ReplyDeleteබඩු මිළ තනියමය කියා නොසිතන්නේ
තව තව බොහෝ දේ එහි ගැබ් වෙන්නේ
හරි පරිස්සමින් අපි ජීවත් වෙන්නේ
ඈත්ත මචෝ අපිට් අකරන වෙන්නේ කරගහගෙන ඉන්න එක තමා ..
ReplyDelete@ප්‍රාර්ථනා- සමාජය එව විදියට ආත්මාර්ථකාමී වෙන්නේ සමාජයේම වැරදි නිසා නේද... මේ කාලයේ ඉසක් ඒක ඉස්සර කාලේ එහෙම වුනේ නැහැ නේද...
ReplyDelete@බිඟුවා- හී හී.. අපිට වඩා උඹලට මේව දැනෙනව ඇති නේද...
@ඉලංදාරියා- අනාගතේ ගැන බයයි නේද ම්චං..