සෙනෙහස දෙවොලකි...
අනන්තය සොයා මගෙ දෙනුවන් දුවද්දී
අහම්බෙන් වගේ ඔබෙ හිත හමු වෙච්චී...
ලොවුතුරා සුවය මට ඔබගෙන් දැනෙද්දී
ළං වුනා ඔබට මා, ඔබ මගෙ සිත සිඹිද්දී...
සදාකාලික ප්‍රේමයක් මා, ඔබේ නෙතු ළඟ සොයද්දී
සනාතන වී ඔබේ සෙනෙහස, මගේ සිත ළඟ රැඳිච්චී...
මලානික වී හිඳින සැම විට පැන් පොදක් සේ ඔබ වැටෙද්දී
නොසිඳෙනා ලෙස ඔබේ සෙනෙහෙන්, මගේ හදවත පිරිච්චී...
සිනා සලමින් මගේ නෙතු ළඟ, දිවා කල ඔබ රැඳෙද්දී
දකිනු රිසියෙන් ඔබේ රුව යලි, නිශා කල සැනෙකින් ගෙවිච්චී...
පැතූ විලසින් අපි, අපේ වන්නට පෙරුම් පුරමින් හිඳිද්දී
නොසිතුසේ ඔබ, ඔබද හැරදා මේ ලොවින් සමු ගනිච්චී...
පදගෑලපුම ල්ස්සනයි..එත දුකයි....
ReplyDeleteදුක හිතෙන අවසානයක්නෙ...ලස්සන නිසඳැසක්...
ReplyDeleteමම කියන්න යන්නෙ මට හිතුන දේ..ඒ නිසා වැඩිය ඔයා ඒ ගැන හිතන්න එපා..අන්තිම පද පේලියෙ "සමු ගනිච්චී" කියලා තිබුනාම ඒකෙ නියම හැඟීම මට දැනුනෙ නෑ..
@ඉලංදාරියා - ස්තූතියි මචන් දුක සැප බලලා යන්න ආවට...
ReplyDelete@ප්‍රාර්ථනා - හැමදෙයක්ම අපි හිතන විදියට වෙන්නෙ නැහැනේ... "සමු ගනිච්චී" කියන එකෙන් මම අදහස් කලේ "එයා මැරිලා" කියන එක.. [පැහැදිලිද... :)]
හුඟාක් ලස්සනයි.ඒ වගේම ඒ සිදුවීම නම් හුඟාක් දුකයි.
ReplyDeleteලස්සනට පද ගලපමින් නුඹ අපේ හිත් පිරිමදිද්දි
ඇත්තමයි සැනසුනා කවියේ අරුමය දැනෙද්දි.. :) :)
ස්තූතියි පබලු...
ReplyDelete