ඔබෙ උපන් දිනයි මෙදිනා....!!


සිහිනෙන් මා ළඟ සරණා
හැබැහින් ඔහු ළඟ ඉන්නා
පෙම් කැර මුත් මා පෙරදා
මට පෙම නොකැරපු, පෙරලා

තවමත් මා පෙම් කැරනා
දැන් දරු සුරතල් බලනා
මා අමතක කැර සිටිනා
ඔබෙ උපන් දිනයි මෙදිනා

සිවු වසැරක මතකෙට පියඹා
ඔබැ හමු වූ සැටි සී වී හැඬුනා
තරහක් නෑ කුමරියෙ කිසිදා
කුමරියෙ ඉනු මැන තොසිනා

ඉතින් මා දයාබර සොඳුරියේ
ඔබේ ජීවිතය සාර්ථක වී
සියලු පැතුම් ඉටු වී
ජීවිතය ලස්සන වේවා...!!
සුභ උපන්දිනයක් වීවා...!!

1 comment:

  1. එහෙනං මාත් සුභ උපන්දිනයක් පතන්නම්...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..