අම්මේ ඔබට සුභ උපන්දිනක් වේවා...


දරා දස මසක් කුස තුල මා
දරා දහසක් ගැහැට, නිසා මා
වරා නෙතු නිදි, එනතුරා මා
දරා දුක බිහි කලේ, ඔබැ මා..

එදා ඔබැ දැරු දුකට අම්මේ
සදා මා ණයගැතියි අම්මේ
උපදිනා මතු භවෙත් අම්මේ
ඔබේම පුතු වේවා මගේ අම්මේ..

මල් සුවඳ පරදනා ඔබේ සුවඳින්
සුවඳ කැරවයි නිවස නැහැමින්
ඔබැ නොමැති කල ගෙවෙන දිනයන්
මෙනි
ය පහන් දැල්වූවත් අඳුරු කුටියන්..

මවුනි ඔබැ සැමදා නීරෝගි වේවා..
මගේ ආයුත් ගෙන ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් දැක නිවන් ලැබේවා..
ම්
මේ ඔබට සුභ උපන්දිනක් වේවා...!!

13 comments:

  1. මම ත් එක සිතින්ම පතනවා ඔබේ මව්තුමියට සුබ උපන්දිනයක්

    ReplyDelete
  2. එක සිතින්ම පතනවා ඔබේ මව්තුමියට සුබ උපන්දිනයක්

    ReplyDelete
  3. ඔයාගෙ අම්මට සුබ උපන්දිනයක්..!

    ReplyDelete
  4. ඔන්න මාත් සුභ පැතුවා !

    ReplyDelete
  5. මමත් අම්මාට සුබ උපන්දිනයක් කිව්වා කියන්න.. දිර්ගායුෂ ලැබේවා!

    ReplyDelete
  6. මම අම්මට පෙන්නුවා ඔයාලගේ සුභපතුම්..
    *ස්තූතියි* කියන්න කිවුවා හැමදෙනාටම...

    ReplyDelete
  7. ඔයාගේ අම්මට ආයුරාරෝග්‍ය සම්පත්තියෙන් ආඩ්්‍ය වූ සුබ උපන් දිනක් වේවා

    ReplyDelete
  8. මමත් සුබම සුබ උපන් දිනයක් පතනවා...

    ReplyDelete
  9. ස්තූතියි මචං උඹලා දෙන්නටත්..!!

    ReplyDelete
  10. මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  11. මම කියන්නම් වැපෝ..!!

    ReplyDelete
  12. ආදරණීය පුතෙක් සෝරෝ...උඹ වැනි පුතෙක් ලැබූ අම්මා ගොඩක් වාසනාවන්තයි...රත්ගමයගෙනුත් සුබ පැතුම්.....

    ReplyDelete
  13. ටිකක් පරක්කු වුණා..සොරෝ අයියාගෙ අම්මට සුභ උපන්දිනයක් වේවා..!

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..