අන්තර්ජාලෙට මා ගොවුනු ඒ කාලේ
චැට් හැර වෙන යමක් නොකලෙමි ඒ කාලේ
සය වසක් ගෙවී ඇතත් පසුවී ඒ කාලේ
බැඳි මිතුදම් තවමත් ඇත, මා හද පත්ලේ
බුකිය පරසිද්ද වී නොතිබූ ඒ කාලේ
හායි ෆයි, මයිස්පේස් තිබුනා ඒ කාලේ
බ්ලොග් කෙරුවාවක් නොදත්ත ඒ කාලේ
ෆෝරම් නම් නැගලා ගියා ඒ කාලේ
පස්සෙං පහු බුකිය ආවත් ඒ කාලේ
වැඩිපුර සැට් වුනේ චැට් එකෙමයි ඒ කලේ
ෆෝරම් එපා වේගන එනකොට ඒ කාලේ
බ්ලොග් දුටුවා තුන් අවුරුද්දකට පෙර ඒ කාලේ
බ්ලොග් කෙරුවාවට අලුත් ඒ කාලේ
දෙතුන්දෙනයි බ්ලොග් එක බැලුවේ ඒ කාලේ
ඔන්ලයින් කවිමඬුවකට ජොයින්ට් වී ඒ කාලේ
වැපා ව දැන හැඳින ගත්තේ ඒ කාලේ
වැපා මගින් බස් දැනගෙන ඒ කාලේ
නොකා නොබී බස් පැද්දා ඒ කාලේ
බස් එකෙන් තොර ලොවක් නොතිබුනත් ඒ කාලේ
බ්ලොග් පැත්තෙත් දුවනවා මේ කාලේ
බස් කෙරුවාව නැගලා යනවා මේ කාලේ
ඊට හපන් බුකියත් දැං මේ කාලේ
බස් බුකි ජනප්රිය වී මේ කාලේ
මයිස්පේස්, ෆෝරම් යයි කැලයට මේ කාලේ
ප.ලි. - මතකැතුව මේ අවුරුද්දෙත් කවිමඬුවට එන්න...
බුකි බස් බ්ලොග් නොතිබුන ඒ කාලේ
ReplyDeleteතනිකං දොස් කල් ඇරියලු ඒ කාලේ
බුකි බස් වලින් මඩ ඉහ ඉහ මේ කාලේ
තනිකං දේස මකනවා අපි මේ කාලේ...
හනේ කාලේ...!!!
ReplyDeleteඒ කාලේ මම හිටියේ නෑ නොවෑ.
ReplyDeleteඅන්න බලපන් උබට හරි පාර පෙන්නුවේ මම තුමා :DDDD
ReplyDeleteමන් නම් කෙලින්ම ගොඩ වුනේ බුකියට...බුකියෙන් බස් එකට...බස් එකෙන් බ්ලොග් එකට...දැන් තුනම නැගල යනවා..........
ReplyDeleteලස්සන කවි ටික
ReplyDeleteකතා කෙරැවා, ලියුම් ලිව්වා ඒ කාලේ
ReplyDeleteහිනාවුනා එකතු වෙලා ඒ කාලේ
මැසේජ් යවයි බුකිය හරහා මේ කාලේ
ඈත්වෙලාදෝ අපි හිතෙනවා මට රාලේ
හරි ෂෝක්...
ReplyDeleteඒ කාලෙන්..මේ කාලෙට..
.
ReplyDeleteඅනේ කාලේ...