මානෙල් සුවඳ..

http://www.starkeith.net/coredump/wp-content/uploads//2008/05/girl-and-boy-in-love-in-the-snow.jpg

මානෙල් මලක සුවඳක් දැනෙනා යාමේ
වෑ කණ්ඩිය උඩින් ඔබ ඔහු හා යන්නේ

පවු කල නිසා ඔබ මා දෙතැනක ඉන්නේ
ඈතින් හිඳන් අද මා හදවත සැනසෙන්නේ

අහංකාර කඳුළක් නෙත සිප ගන්නේ
ඔබ රූපය ටික ටික දැං බොඳවන්නේ

මහ වැස්සක් සේ කඳුළැලි බේරෙන්නේ
ඒ අතරින් ඔබ හිනැහෙනු දිස්වන්නේ

අත් පටලා ඔබ, මා හා මේ ලෙසිනේ
ගියෙ නැතිමුත් ගිය බව මැවිලා පෙනුනේ


5 comments:

  1. පවු කල නිසා කියලා හිතන්න එපා.....
    ඊට වඩා හොද කෙනෙක් වෑ කණ්ඩිය උඩ හිටියොත් ඔබ වෙනුවෙන්

    ReplyDelete
  2. රිදවාගනු එපා සිත ඈ ගිය පවට
    නුඹ සොයා ඒවි කෙනෙක් දිනකදි නුඹටම උරුම...

    ReplyDelete
  3. හැඩෙනවා රිදෙනවා හදවත සැමවිටම
    ඇයගේ සතුට වෙනුවෙන් ඉවසනව මම

    ReplyDelete
  4. අනිච්චේ දුක්කේ... යන උන්ට යන්න දෙන්ට සෝරෝ..

    ReplyDelete
  5. අපූරුයි යාළු

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..