කොහොම ද...



ඔබ ව දුටු සඳ
මට මගේ හද
අහිමි වී ගිය සඳ
බැඳුනු මා පෙම් හද
ඔබ සොයා පැමිණි සඳ
පෙම කියූ සඳ
අමනාප වූ ඔබ හද
කතා නොකර අද
තහංචි දමා හද
මගහැර යන සඳ
කෝම වාවන්න ද

9 comments:

  1. දැන් දැන් උඹෙ පද
    කියවගෙන යන සඳ
    අදෝනා පෙනෙන සඳ
    සිහි වෙයි "මගේ සඳ" :D
    අහෝ උඹලාගේ දුක් කඳ!
    කම්පා වෙයි හද
    "සිතුවිල්ලක අරුම" :D

    ReplyDelete
  2. පෝය පහු උනා නේද? මෙයට මොකක් වේගෙන එනවාද මන්දා

    නැවත නො ඇසු සඳ
    තහංචි නොදමා හද
    කුමක් කරන්නද මගේ සඳ

    හික් හික්

    ReplyDelete
  3. පිස්සු හැදෙන සඳ
    පුරුදු අඳෝනාවක ගඳ

    ReplyDelete
  4. මේ යන විදිහ නම් හොද නෑ පුතෝ

    ReplyDelete
  5. ආදරේ කියූ සද
    අතැර ගිය නුඹෙ සද
    එවි පායා ආයෙම නුඹෙ සද
    කදුළු නොසලන් ඉතින් නිබද..

    ReplyDelete
  6. හනේ මන්දා මේ සෝලෝ අයියාට මක් වේගෙන එනවද කියලා......

    හික් හික් හික්.....

    ReplyDelete
  7. ඇයි හැමෝම සඳ ගැනම කවි ලියන්නෙ???

    ReplyDelete
  8. ඒ සඳ නැති සඳ තමයි ජීවිතයේ කික්ම සඳ!

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..