කුමක් කරන්නද මං...


විනාඩිය‍ට හතලිහයි රුපියල්
සීයට විනාඩි දෙකයි පුළුවන්
සීයක කාඩ් එකක් දාං රුපියල්
මම කතා කලා අමතක ද දැං...

කාලය නම් පියඹලා ගිහිං
අමතක නෑ මතකය නම්
කලකින් ඇමතුවේ නැතත් මං
හිත තාම ලෙංගතුයි ඉතිං...

ටික ටික වයසත් යයි දැං
ගෙදරින් කලත් බලපෑම්
කුමක් කරන්නද මං
හිත තාම ඔබ ළඟ නම්...

9 comments:

  1. "කාලය නම් පියඹලා ගිහිං
    අමතක නෑ මතකය නම්
    කලකින් ඇමතුවේ නැතත් මං
    හිත තාම ලෙංගතුයි ඉතිං..."

    දුකයි..ලස්සනයි..හදවතට සමීපයි...

    maxxa

    ReplyDelete
  2. විනාඩි ගානේ කතා රැදුනත්
    සිහින දැක්කා හෝරා ගනන්
    ආදරෙයි තව කාලය ගෙවුනත්
    හමුවෙන දිනක් හිතයි සිත රහසින්..

    ReplyDelete
  3. හත්වළාමෙ වෙච්චි දේට මක් කොරන්ඩද හා......patta,,,

    ReplyDelete
  4. එළ එළ ඔය මොන රටේ ඉඳන් ද....

    ReplyDelete
  5. එදා සීයක් අද දෙසීයක්
    මොනා කරන්න අද මම දුප්පත්

    ReplyDelete
  6. //කුමක් කරන්නද මං
    හිත තාම ඔබ ළඟ නම්...//

    තවත් අඳෝනාවක්ද ????

    ReplyDelete
  7. මමත් ඔය කෑම කෑවා ඉස්සර.මතකය අමතක නෑ..

    ReplyDelete
  8. ලස්සනයි..සමීප සිදුවීමක් සරලව ලියවිලා..:)

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..