ඇසළ මහේ සැන්දෑවක පෙම්බර
මා සිත නැවතුනා ඔබ නෙතු අද්දර
රහසින් වත් නොබැලූ මුත් මා දෙස
ඔබ හට නොදැනුණිද මා දුටු සෙනෙහස
සිනාවක් ඔබේ මුවින් ලාවට
දුන් මොහොතේ මා සතු හදවත
ඔබ වෙත පුද කලත් මා, රහසෙම
ඔබ නොදන්නවා ඇති මා බැඳි පෙම
සිතින් පැතූවත් මා, ඔබ සෙනෙහස
මුවින් අසන්නට වේවිද නොදැනම
දහස් මලක් සේ මා බැඳි සෙනෙහස
පූදියි ඔබ දුටු මතකය සිහි කැර
ආයෙත් ඔබ රුව දැක ගැනුමට
පියඹා එන්න සිතයි කතරට
ඇවිදින්, මා ළයේ බැඳි සෙනෙහස
කීවොත් හැරදමා යන්නෙපා මම
එන්න උනත් මට හීනෙන්
ReplyDeleteදුර වැඩි කල එන්නෙ කෙසේ..
ලස්සන කවි ගැලපුමක්. ආදරය නැති කතරක තනිවෙලා ඉන්නේ ආසාවකට නෙමේ නේ. කීයක් හරි හොයාගෙන ඉක්මනටම ඒවි. ඒ නිසා ඒ ආදරයත් තියාගෙන බලාපොරොත්තුවෙන් ඉන්න. එයා ඒවි !!!!!!!
ReplyDeleteමම අදම වෙන්න ඕනේ මේ බ්ලෝග් එකේ ලිපියක් කියවන්නේ.ලස්සන අදහස් තියෙන කෙනේ. නමුත් කවුද දන්නේ නෑ ලියන්නේ.
මැක්සා....
ReplyDelete@indi - ඒකනේ සීන් එක..
ReplyDelete@මධුරංග - කතරක කියලා අදහස් කලේ කාන්තාරේ නෙවෙයි මචං.. මම අහම්බෙන් දැකපු කෙනෙක් ගැන ලිවුවේ..
අඩේ බං උඹ මාව දන්නේ නැද්ද.. මේක ලියන්නේ මම තමා... :D
@prasanna86k - අඩේ මාළුවා.. තැංකිවු හොඳෙයි..
සා සා අමාරුවෙන් හොයාගෙන බැලුවට පාඩු නැහැ ඇ... මේක පට්ටයි ඇ............
ReplyDeleteපට්ටයි මචා උඹට කවි ලියන්න පුලුවන් කියලා මම දනේ අද ? මේකා බ්ලොග් කප්පිත්තෙක් නේ . මම දැනං හිටියේ ලටපට ගැන විතරයි . ලඟදී තමා මේක දන්නේ
ReplyDeleteකෝ අපේ පින්තූර ටික දාන්නේ නැද්ද ?
ලස්සන පද පෙළ..
ReplyDeleteLove at first sight මමත් විශ්වාස කරන දෙයක්..
හරිම අපූරුයි යාළු
ReplyDeleteමැක්සිමා
ReplyDelete