***************************
නිකන් යන්න බැරි නිසා
අපේ අහිංසක කන් දෙකට
බලෙන්ම රිංගවන
ප්රයිවට් බස් වල
මෙලෝ රහක් නැති
අහගෙන යන්නම වෙනව ඉතිං
වෙන කරන්න දෙයක්
නැතිකමටම...
*****************************************
නිකන් යන්න බැරි නිසා
අපේ අහිංසක කන් දෙකට
බලෙන්ම රිංගවන
ප්රයිවට් බස් වල
මෙලෝ රහක් නැති
අහගෙන යන්නම වෙනව ඉතිං
වෙන කරන්න දෙයක්
නැතිකමටම...
*****************************************
__________________________
නිෂා යාමයේදී සඳ අද්දර
අහසක් තරම් පැතුම් එක්කර
දහසක් හීන මවා ඇස අද්දර
පෙරුමන් පුරා හිත ඉද්දර
ඉල්ලුම් කලේ දැක පත්තර
මගෙ ජිවිතේ ගන්නට වෙනස්කර
දැම්මත් සී වී එක ඉල්ලුම් කැර
දින සති ගෙවුනත් ඉක්මන් කැර
සිටියත් මා සක්මන් කැර කැර
ආවේ නෑ තාමත් මට උත්තර ....
______________________________________
********************
නිල් සඳ මඬල යට
අහසක් තරම් උසට
සිතුම් වැල් පොදිබඳින
නැගෙනියනි මා දයාබර
නොරවටා නුඹෙ තුරුණු හිත
සදා ගනින් හිත් පොඩිය
එන්නේ නෑ ඔහු කිසි දිනෙක....
අහසක් තරම් උසට
සිතුම් වැල් පොදිබඳින
නැගෙනියනි මා දයාබර
නොරවටා නුඹෙ තුරුණු හිත
සදා ගනින් හිත් පොඩිය
එන්නේ නෑ ඔහු කිසි දිනෙක....
********************************
ගෙවෙනකන් කකුල්දෙකම
කඩේ ගිහින් දේශපාලුවන්ට
ලැබුනෙත් දෙයයි එකකම එක
ඒත් ඉතිං
ආයෙත් ඡන්දයක් ලංවෙනකොට
දැනෙනව මර බිය
දේශපාලන පලිගැනීම වලට
ලක්වේවිදැයි..
(ආණ්ඩුව පෙරලුනොත්)
කඩේ ගිහින් දේශපාලුවන්ට
ලැබුනෙත් දෙයයි එකකම එක
ඒත් ඉතිං
ආයෙත් ඡන්දයක් ලංවෙනකොට
දැනෙනව මර බිය
දේශපාලන පලිගැනීම වලට
ලක්වේවිදැයි..
(ආණ්ඩුව පෙරලුනොත්)
ඔබට රහසේ
ඔබගෙ අහසේ
බැඳුන පහසේ
විඳිමි සුවසේ...
ඔබගෙ පහසේ
බැඳුනෙ රහසේ,
දිනෙක කෙලෙසේ
කියනු එලෙසේ...
දිනෙක එලෙසේ
දැනුන විගසේ
ගියොත් රහසේ
හැඬෙයි දුකසේ...
ඔබගෙ අහසේ
බැඳුන පහසේ
විඳිමි සුවසේ...
ඔබගෙ පහසේ
බැඳුනෙ රහසේ,
දිනෙක කෙලෙසේ
කියනු එලෙසේ...
දිනෙක එලෙසේ
දැනුන විගසේ
ගියොත් රහසේ
හැඬෙයි දුකසේ...
නින්දක් අවැසිමුත් නිදිදෙව්දුව නෑ එන්නේ
ඉදහිට නින්ද ආවත් නිතරම ඇහැරෙන්නේ
නැවතත් ඇදට වැටුනත් නෑ නෙත් පියවෙන්නේ
අරුමය කිමැයි මා හට නම් නොහැගෙන්නේ...
කාලය ගෙවී යනමුත් ඒ ගැන නොතැකෙන්නේ
දෙනො දහක් මැද සිටියත් තනිකම දැනෙන්නේ
නිතරම මුල්ලකට වී තනියම හිනැහෙන්නේ
අරුමය කිමැයි මේ, ආදරයක්දො නොමදන්නේ...
ඉදහිට නින්ද ආවත් නිතරම ඇහැරෙන්නේ
නැවතත් ඇදට වැටුනත් නෑ නෙත් පියවෙන්නේ
අරුමය කිමැයි මා හට නම් නොහැගෙන්නේ...
කාලය ගෙවී යනමුත් ඒ ගැන නොතැකෙන්නේ
දෙනො දහක් මැද සිටියත් තනිකම දැනෙන්නේ
නිතරම මුල්ලකට වී තනියම හිනැහෙන්නේ
අරුමය කිමැයි මේ, ආදරයක්දො නොමදන්නේ...






