අරුමය කිමැයි මේ

නින්දක් අවැසිමුත් නිදිදෙව්දුව නෑ එන්නේ
ඉදහිට නින්ද ආවත් නිත‍රම ඇහැරෙන්නේ
නැවතත් ඇදට වැටුනත් නෑ නෙත් පියවෙන්නේ
අරුමය කිමැයි මා හට නම් නොහැගෙන්නේ...

කාලය ගෙවී යනමුත් ඒ ගැන නොතැකෙන්නේ
දෙනො දහක් මැද සිටියත් තනිකම දැනෙන්නේ
නිත‍රම මුල්ලකට වී තනියම හිනැහෙන්නේ
අරුමය කිමැයි මේ, ආද‍රයක්දො නොමදන්නේ...

7 comments:

  1. පරිස්සමෙන්..... ඕක භයානක ලෙඩක්........ :D ලස්සනයි සහෝ කවි පද ටික.....

    ReplyDelete
  2. @විශ්මි - අහ් මේක ලෙඩක්ද..?
    ඔයා එහෙනම් මේ ලෙඩේ ගැන දන්නව වගේ නේද හා...

    තැනකියු ​​සහෝ කොමෙන්ට් එකට...

    ReplyDelete
  3. කාලය ගෙවිලා යනකොට එය නොදැනේනම්
    පිරිවර මැදදී තනිකම ඔබට දැනෙනවනම්
    අහුමුළුවලට වී කෝළම් කරනවනම්
    දැම්ම යන්න දොස්තර ඇත ඔබ එනකම්

    /බිඟුවා...!

    ReplyDelete
  4. @බිඟුවා - මාර කේස් එක නේ.. යන්න ඕන එහෙනම් දොස්තර හම්බ වෙන්න.. හික්ස්..

    @විශ්මි - තැන්කුයි අනේ කොමෙන්ට් එකට.. ඔය කියන්නෙත් දොස්තර හම්බවෙන්න කියලද.. හික්ස්..

    ReplyDelete
  5. ඔය ලෙඩේනම් දොස්තරට හොඳ කරන්න පුඵවන් එකක් නෙවෙයි. හොට බිම ඇනෙන්නම ඕනි ඕක හොඳ වෙන්න. හික්..හික්..

    පදටික ලස්සනට ගලපල තියෙනව..

    ReplyDelete
  6. මෙවට දොස්තරලා ලඟට ගිහිල්ලා වැඩක් නැහැ... උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.. නිකන් නළාව තියලා 200 ක් අරන් පැනඩොල් ටිකක් දිලා ගෙදර එවයි..... අපිත් එක්ක වැට් එකක් දාලා පොඩ්ඩක් සෙට් උනා නම්.. අයෙ ඉතින් සදාකාලික නින්ද තමයි...

    ReplyDelete
  7. @``` Outsider``` - එක සැරයක් වැටුන වලේ ආයෙ වැටෙන්නෙ නෑ බයවෙන්න එපා.. හික්ස්..

    @රවා - මට ඒක තේරුන බං ඒත් මේ විශිමියි, බිඟුවයි කියන නිසා යන්න කියල බැලුවේ.. ඒත් වැඩක් නෑ නේ.. හික්ස්..

    චැට් එකකට නම් මම එනිටයිම්.. හිකිස්...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..