මගේ අළුත් බස් ජීවිතේ...


පාන්දර නැගිට්ට ගමන්ම
කොම්පියුටරේ ලඟ හිඳ නොගත්තත්
නැගිටපු වෙලේ ඉඳන්ම
හිත කියන්නෙම එතනට පල
යාං කියලා...

ගේ පොඩ්ඩක් අතුගාලා, පස්සේ
දත් මැදලා මූණ සෝදගෙන ආපු ගමන්
රස නොබලාම බත් ටිකක් ගිලලා
හිඳගන්නව ඇවිත් කොම්පියුටරේ ළඟට...

බ්ලොග් එක මුළු ජීවිතේම
කරගෙන හිටි කාලේ, අමතක වෙලා වගේ
බස් එකකට සෙට්වෙලා අලුතෙන්
රෑ දවල් ගෙවෙන්නේම මේ බස් එකේ...

සෙට් වුනාම බස් එකට
රෑ දවල් ගතවෙනවා දැනෙන්නැහැනේ
නිකමටවත් බ්ලොග් එකට
යන්න පොඩ්ඩක්වත් හිතෙන්නැහනේ...

කෑමටවත් වෙලාවක් නැ
නැගගත්හාතම මේ අලුත් බස් එකට
කෑගහනවා අම්මා කුස්සියේ
කෑම මතක් වෙන්නෙ එතකොටනේ...

කාපු ගමන් දුවගෙන ඇවිත්
නැග ගන්නවා ආයෙමත් මේ බස් එකට
එළිවෙනකන් ඉන්න හිතුනත් මේකෙ
නින්දට යනවා බස් ගැන හිත හිතාම...

නිදා ගත්තත් ඇඳේ
හිත තියෙන්නේම මේ බස් එකේ
හීනෙනුත් බස් එකේ ගොස්
හෙට උදෙත් නගිනව මේ බස් එකේ...

13 comments:

  1. හෙහ් හෙහ් හෙහ්...පික්සු පීකුදු...අපට වෙච්චි දේමයි....

    ReplyDelete
  2. හික් හික් හික් ෆට්ට ෆදිරි.............. රියල් සන්තැසිය ඔය ලියල තියෙන්නෙ යස අගේට හික් හික් හික් හික් :)

    ReplyDelete
  3. ඕක තමා සින් එක අප්පා..
    ..
    ඒකත් ලසනට ලියලා ..

    ReplyDelete
  4. dan madida kolllo oya bas wala giyaa . . dan wath pothak patak balaagena hitu . . .

    ReplyDelete
  5. mokak da ban randima ayye me bus eka :O

    ReplyDelete
  6. කවුද මචන් උඹව බස් එකට තියලා ඇණ ගැහුවේ? :D

    ReplyDelete
  7. සිරාවටම මචො මටත් දැන් ඔකම වෙන්න වගේ

    ReplyDelete
  8. @තිස්ස අයියා - වැඩිහිටියන්ගේ පාරේ නේ පොඩි අය යන්නේ... [ස්තූතියි මේ පැත්තට ආවට..]

    @ජේඩී - ෆිස්සු හැදෙනව බං... උඹට්ත් මේ ටික වුනා නේද.. ;)[උඹටත් ස්තූතියි මේ පැත්තට ආවට..]

    @ඉලංදාරියා - මාර සීන්ස් එක මචො... [ස්තූතියි උඹටත් මචං..]

    @දුකා අයියා - මාර අවුලනේ දුකා අයියා පොතක් බලන්න හිතෙන්නම නැහැනේ... [ස්තූතියි දුකා අයියේ මේ පැත්ත බැලුවට..]

    @ෂාන් - හෆ්ෆොයි උඹ බස් දන්නේ නැද්ද බං... පුදුමයකෙක් නේ උඹ... [ස්තූතියි උඹටත් මේ පැත්තට ආවට..]

    @h - වෙන වුදැ බංඋඹලමනේ... හික්ස්... [ස්තූතියි උඹටත් මේ පැත්තට ආවට මචං..]

    @Dar[k] - ෆිස්සු හැදිලා ආයෙත් හැදෙනවා බං.. [ස්තූතියි මේ පැත්තට ආවට..]

    ReplyDelete
  9. මම හිතුවෙ මම විතරයි කියලා...බලන කොට ඔයත් ඒ බෝට්ටුවේමයි.

    ReplyDelete
  10. බසයක් කල හදියක්.. හික්ස්

    ReplyDelete
  11. මදැයි සෝලෝ බත් එකේ ගිඉන් කලගත්ත අදියක්.....
    හික්ස්....

    ReplyDelete
  12. @ප්‍රාර්ථනා - හී හී මරුනේ.. ඔක්කොම් එකම බෝට්ට්වේ...

    @හසී- ඒකනේ සිස් බලන්නකො මට වුනදේ..

    @ගලේ - හලේ ඒකනේ මතං බලපංතෝ...

    ReplyDelete
  13. එතකොට බන් අස්සයා...
    ඒකා වික්කද?

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..