හිතුවෙමත් නැති දවසක...

හිතුවෙමත් නැති දවසක
හිතන්නතුවම ලං වුනා
අතීතයේ දුර ඈතක
ආද‍රේ මග වැරදුනා..

අපි අපිම අද ආයෙම
හමු වුනා ඒ පාරෙම..//

මල් යාය මැලවුනා
මල් දෙවැට හැඩිවුනා
සමණල්ලු ඉර හැරුණු අත ගියා..
අපි ආයෙ නොයෙනා නිසා..//

නිල් අහස කළු වුනා
ඉකි ගගහා වැලපුනා
කදුලින්ම පිරුනු වැව බොරවුනා..
අපි නිතර ආව ගිය තැන නිසා..//



මේක මගේ සිතුවිල්ලක් නෙවෙයි උනත් මේ සිතුවිල්ල ගොඩාක් සංවේදී එකක්... ඒක නිසා මම දැම්මෙ ඔන්න...
ඔයාලත් රස විදින්න් ඔන්න එහෙනම්...

5 comments:

  1. හරිම මිහිරි අත්දැකිමක්... වෙදනාව තිබුනත් එතන තියන මිහිර නිසා එ වෙදනාව විද විඳ එ මිහිරට තුරුල් වෙනවා. එකට තමයි මනුස්ස ජිවිතය කියන්නෙ...

    ReplyDelete
  2. සංවේදීයි..ලස්සනයි

    ReplyDelete
  3. මට මේ බස් නැවතුම සිංදුවත් මතක්වුනා මේක කියවද්දි. ඒකත් මට ගොඩක් සංවේදී සිංදුවක්.

    ReplyDelete
  4. මචන් ඔකේ විශුවල් එක බැලුවද ? සිංදුව ලස්සන උනාට විශුවල් නම් අල මොකද අර කෙල්ලයි කොල්ලයි නාකි වෙලා ඉන්න කොට වේටර් කාරයා තරුණයි !

    ReplyDelete
  5. @රවා- සත්තකින්ම මචං

    @ධනංජය- ස්තූතියි

    @ඉන්දික- අපි ලබපු අත්දකීම් වලට සමාන දේවල් දකින කොට ඒව අපිට ගොඩක් සංවේදීව දැනෙනවා..

    @බනී- මම දැකල නෑ බන් විශුවල් එක පුළුවන් නම් මට ඊ-මේල් ක‍්රපන්. zoro.creation@gmail.com

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..