
සඟවා සඳ මීදුමේ
ඔබ සතපන්නම් අහසේ
නැතත් සඳ ගුවනේ
ඔබෙන්, ලොව බැබළේ...
නීල නුවන් යුග ඔබගේ
දුටු ඒ මුල් දිනයේ
බැඳුනේ හොර රහසේ
ඔබ හට ප්රිය ළඳුනේ...
විකසිත පෙම් කුසුමේ
පෙති නොතලනු ළඳුනේ
බැඳිපෙම හද පත්ලේ
ඔබ හටමයි සොඳුරේ...
ඔබ සතපන්නම් අහසේ
නැතත් සඳ ගුවනේ
ඔබෙන්, ලොව බැබළේ...
නීල නුවන් යුග ඔබගේ
දුටු ඒ මුල් දිනයේ
බැඳුනේ හොර රහසේ
ඔබ හට ප්රිය ළඳුනේ...
විකසිත පෙම් කුසුමේ
පෙති නොතලනු ළඳුනේ
බැඳිපෙම හද පත්ලේ
ඔබ හටමයි සොඳුරේ...
නැතත් සඳ ගුවනේ
ReplyDeleteඔබෙන්, ලොව බැබලේ
ම්ම් මේකනම් මරු ....................
සුන්දර සිතිවිල්ලක්.......:D
ReplyDeleteසෝරෝටත් සඳක් හමු වෙලා වගේ...
ReplyDeleteඅමාවකක් නොවේවා කියල පතනව.......
@වැප් - අම්ම ගහයිද හා... හික්ස්..
ReplyDelete@හේමලයා - ස්තූතියි මිත්රයා...
@වත් - හී හී හී.. එහෙම හිතුවත් කමක් නැ ඉතිං..
පෝයක් ආවොත් අමාවක් එනවමයි නේ....
ස්තූතියි ඔයාගෙත් කොමෙන්ටුවට
උබ ලියපුව කිහිපයක්ම කියෙව්වා.... හිතේ ලොකු දුකක් පාලුවක් තියාගෙන වගේ ලියල තියෙන්නෙ...... නිර්මානයන් ලස්සනයි.
ReplyDelete@පලාමල්ල - ස්තූතියි මචං ප්රතිචාරයට..
ReplyDeleteපාළුව තනිකම මකාගන්න තමයි බං කවි ලියන්නේ.. එතකොට පොඩි සැහැල්ලුවක් දැනෙනව සහෝ..
@පලාමල්ල - ස්තූතියි මචං ප්රතිචාරයට..
ReplyDeleteපාලුව, තනිකම අඩු කරගන්න තමා බන් කවියක් දෙකක් ලියන්නෙ.. එතකොට පොඩි හරි සහනයක් දැනෙනවා..