
මලක් සේ නෙතු අද්දර
විකසිත නොවූවත් ඔබ
ඉඳ හිට හෝ ඉහ ඉද්දර
දොඩමළු වන්නට එනවද ඔබ...
නැතිමුත් දහසක් සිහින එක්කැර
පමණයි එකම සිහිනය මට, ඔබ
බැරිමුත් ගන්නට එය, ළංකැර
තවමත් මගේ සිහිනය ඔබ...
අහස දුර ඇත බව සිහිකැර
ලොව දහම, පහදා දුන්නා ඔබ
අහස සේ දුර ගියත් මා හැර
අහස වෙතටම පෙම් බඳින්නෙමි මම...
විකසිත නොවූවත් ඔබ
ඉඳ හිට හෝ ඉහ ඉද්දර
දොඩමළු වන්නට එනවද ඔබ...
නැතිමුත් දහසක් සිහින එක්කැර
පමණයි එකම සිහිනය මට, ඔබ
බැරිමුත් ගන්නට එය, ළංකැර
තවමත් මගේ සිහිනය ඔබ...
අහස දුර ඇත බව සිහිකැර
ලොව දහම, පහදා දුන්නා ඔබ
අහස සේ දුර ගියත් මා හැර
අහස වෙතටම පෙම් බඳින්නෙමි මම...
කාණුවේ ඉඳන් මම
ReplyDeleteතරු දෙසට නෙතු යොමමි......
ලෝකයම මිටින් ගෙන
හෙට දිනට පියමනිමි......
ඔබෙ ඉතින් පෙර දිනයි
නොහැක මට ලත වෙන්න......
කඳුලැල්ල එපා මට
මතක ඔබ අරගන්න....
ජීවිතය ඔබම විය
ආදරය සුසුම විය.....
නොමැත ඒ සුසුම අද
පණ අදින මගේ හිත.....
කමක් නැහැ ගත්තාට
ඔබට හිමි අයිතිය......
අයෙ නම් එන්නෙපා
මෙන්න උඹෙ මතකය.......
@හේමලයා - ගොඩාක් ස්තූතියි මචං.. මම ලියපු නිසඳැසට වඩා ලස්සනයි උඹ ලියපු එක...
ReplyDelete"අහස සේ දුර ගියත් මා හැර
ReplyDeleteඅහස වෙතටම පෙම් බඳින්නෙමි මම..."
lassanai Zoro...
ReplyDelete@වැප් - :)
ReplyDelete@රවා - ස්තූතියි යාළු...
ලස්සන නිර්මාණයක් මචන්...තව ලියන්න..මග්න් සුභ පැතුම්.. :)
ReplyDeleteඑල එල ලසනම් ලසනයි මචො...සිරවටම..
ReplyDelete