දම් පැහැ සාරියක් හැඳ
සිටි සඳ දුටුව හද
හැඳින එය මගේ වග
නැවතිලා ඇගේ ළඟ
නැතිවෙලා මට මගේ හද...

හැඳිනගෙන මා සඳ
තවම වසරක් වූව ද
කල්පයක් සේමැ ද
දැනෙයි මට අද
මගේ හද අහිමි සඳ...

දුටුව පසු මා එ ළඳ
සිහිනයෙන් රෑ මැද
අවුත් සැමදා මා හද
සෙනේහෙන් පිරිමදින සඳ
මගේ ලොවම වෙලා අද...


සිහිනයෙ රූ මවා
සිත ගෙන පියඹා
ගිය සඳවති මා
හද බැඳි පෙමිනා
මා පසු තැවෙනා
බව ඇය නොදැනා
මේ ලෙස හිනැහෙනා
විට මට දැනුනා
මගෙ මුළු ලොවමා...



සිහිනෙන් මා ළඟ සරණා
හැබැහින් ඔහු ළඟ ඉන්නා
පෙම් කැර මුත් මා පෙරදා
මට පෙම නොකැරපු, පෙරලා

තවමත් මා පෙම් කැරනා
දැන් දරු සුරතල් බලනා
මා අමතක කැර සිටිනා
ඔබෙ උපන් දිනයි මෙදිනා

සිවු වසැරක මතකෙට පියඹා
ඔබැ හමු වූ සැටි සී වී හැඬුනා
තරහක් නෑ කුමරියෙ කිසිදා
කුමරියෙ ඉනු මැන තොසිනා

ඉතින් මා දයාබර සොඳුරියේ
ඔබේ ජීවිතය සාර්ථක වී
සියලු පැතුම් ඉටු වී
ජීවිතය ලස්සන වේවා...!!
සුභ උපන්දිනයක් වීවා...!!

කලින් කල
තැනින් තැන
විටෙන් විට
ළඟින් හිඳ
සවිය වුන
මිතුර ඔබ
දිනෙන් දින
ටිකෙන් ටික
දුරින් දුර
ගොසින් ඔබ
කොයිද අද
සොයයි හද..


කොහෝ හඬ නෑ ඉස්සර සේ
රෑයියන් ඉගිල ගොස්, නෑ මායිමේ
එරබදු මල් නැතත් රතට රතේ
මගේ හිතෙ පිරී ඇත සන්තෝසේ...

අවුරුදු කුමරා නැතත් වැඩියේ
මා කුමරිය පිපුනා දෑස් මානේ
හොරා කීපයක් වුවත් ඈ සිටියේ
ඒ ටික වටී, නැතත් අන් සියළු දේ...

දිගු කලෙකිනුයි ඈ අද දුටුවේ
පෙරදා නැති රුවින් දිලුනේ
හිමි නැතත් ඈගේ සෙනෛහේ
වරක් දුටුවම සියළු දුක් දුරුවේ...

විනාඩිය‍ට හතලිහයි රුපියල්
සීයට විනාඩි දෙකයි පුළුවන්
සීයක කාඩ් එකක් දාං රුපියල්
මම කතා කලා අමතක ද දැං...

කාලය නම් පියඹලා ගිහිං
අමතක නෑ මතකය නම්
කලකින් ඇමතුවේ නැතත් මං
හිත තාම ලෙංගතුයි ඉතිං...

ටික ටික වයසත් යයි දැං
ගෙදරින් කලත් බලපෑම්
කුමක් කරන්නද මං
හිත තාම ඔබ ළඟ නම්...



මිහිදුම් සිහින විකසිත වන යාමේ
ඔබත් මාත් එක්වී මේ සැණකෙළියේ
ලොවම අමතක වූ මොහොතේ
ආදරෙන් එක් වී ඉමු පෙම්බරියේ...

සවන් මත ඔබ දෙතොල් තියා හෙමිහිට
ආදරෙයි කී විට ලොවම අමතක වුනා මට
නෑසියන් දෙගුරුන් හරස් වූවත් අප හ‍ට
මේ ආදරෙන් මිදෙන්නෑ මා කිසිම විට...

ප්‍රේමය නම් එක්තරා භාවනාවක් බව
කියා තිබෙනව ලු පුස්කොල පොතක
එහෙයින් මිදෙන්නද භාවනාවෙන් මම
මියෙන තුරු බවුම් වඩනු මිස, අභියස ඔබ...



ඔබ ව දුටු සඳ
මට මගේ හද
අහිමි වී ගිය සඳ
බැඳුනු මා පෙම් හද
ඔබ සොයා පැමිණි සඳ
පෙම කියූ සඳ
අමනාප වූ ඔබ හද
කතා නොකර අද
තහංචි දමා හද
මගහැර යන සඳ
කෝම වාවන්න ද

සීතළ මඳ නල හමා එයි
ඇට මිදුලු සලිත වෙයි
පාළුව තනිකම දැනෙයි
ඔබ ගැන සිහියට එයි...

ජංගමය දෙස හැරෙයි
SMS ඇත්දැයි බලයි
නැති විට දුක හිතෙයි
එන තුරු මඟ බලයි...

යළි දුරථනය ගනියි
ඔබේ අංකය කරකවයි
ඔබට කරදර දෝ සිතෙයි
සැනෙන් යළි Cut කරයි...


නිමේෂයකින්, පායපු සඳ
කළු වළාවකින් වැහුනු සඳ
යලිත් එබෙන තුරු සඳ
මා බලා සිටින සඳ
එබෙන්නට පෙර එ සඳ
යළි වළාවක් පැමිණි සඳ
වැසිගොස් සරා සඳ
තනි කලා මා හද
.

වස්සානයට පිපෙන්න වෙර දරන
සිත් මල අභියස පිපුන
හෙමි හෙමින් හදවතට පිය නගන
වරා කැකුළ ගති හැඳින

පුරා සඳ ගුවනේ දිලෙන විට සොඳින
මවා ගති ඔබෙ රුව එතන
නිවා ගන්නට දුක, මා හදවත විඳින
නුඹ පිපෙන්නේ කෙදින

නිමක් නැත හැඟුම් ඔබ ගැන එදින
පුබුදුවන විට මා සොඳින
දරා ගනු බැරි දුකක් දැනේ මෙදින
ඔහු හා ඉන්න බව දැනුන

http://manvsclock.com/wp-content/uploads/2011/08/sad-face.jpg


හද විල මැද පිපි සුවඳ මලයි ඔබ
හද තනි කර ඉවත ගියත් අද
එනමුදු ඔබටයි රැඳුනු සෙනේ තව
ඔබ හිමි නැති බව දැනගත්තත් මම

දුර ඈත දුරු රටක සිටියත් ඔබ
නොදැකීම පෙම් බැන්දා ඔබට මම
පෙර භවයක ඔබ කලින් සමු ගත් හින්දම
මා සෙනෙහස පිටුපෑවේ ඇයි ඔබ

දින සති මාස වසර ගනන් ගෙවුනත්
මියැදුනේ නෑ ඔබට බැඳි සෙනෙහස මා
වෙනත් පෙමක සුව විඳ විඳ ඔබ
මට රහසෙම ඇවිත් ඔබ මවු රට
ehappy.wordpress.com

ඔබ මගේ හද
රැගෙන ගිය සඳ
නිකැළැල් මා හද
අහිමි වී අද
බලමි පෙර මඟ
රැගෙන සඳෙ ද හද
යළි එයිද සඳ
නොදැන මා හද..


පියවෙන නෙතු මත ඔබව පෙනෙන්නේ
දෙසවන් මත ඔබෙ හඬ රැව්දෙන්නේ
සිත ඇතුලෙන් උඩු යටිකුරු වෙන්නේ
සුභ සිහිනෙක සිතුවිළි පැටලෙන්නේ...

බලාගත් අතම බලා සිටින්නේ
සිත වෙත නැහැ වෙන කිසිවක් එන්නේ
පෙර සසරෙත් ඔබ පැතුවා වැන්නේ
මගෙ කරගන්නට පෙරුම් පුරන්නේ...

සිහිනෙන් ඇවිදින් රහස් කියන්නේ
හොරැහින් බැලු හැටි මට සිහිවන්නේ
ආයෙත් ආදර මල් පූදින්නේ
 ඔබ නමටයි දැං පෙරුම් පුරන්නේ... 
http://favim.com/colors/FFB4B4/page/13/

සිහිල් සුළං රැල් ගඟ සිඹ හමා එන සඳ
සිතුවේ නැති විලසින් හමු වෙලා ඔබ
ඇස් කොනින් කී කතා සිහි වෙලා අද
දස දහස් වරක් රහසින් හඬනවා මා හද

මුවින් නොබැන මුණිවත් රැකි ඔබ
නෙතින් කී කතා මත් කලා මා හද
යාන්තමින් සිනහවක් මා දී වෙත
මා වෙත කල ඇරයුම සී වුනා මට

දෙදිනක්ම මා නෙතු අද්දර පිපි එ මල
සමු අරං යන්නට පෙරැ මා තනි කැර
විමසූ විට රාසින් මා සැනසූ මල ගැන
කිසිදා ළං වනු බැරි දුරක පිපීලා මා මල
http://www.starkeith.net/coredump/wp-content/uploads//2008/05/girl-and-boy-in-love-in-the-snow.jpg

මානෙල් මලක සුවඳක් දැනෙනා යාමේ
වෑ කණ්ඩිය උඩින් ඔබ ඔහු හා යන්නේ

පවු කල නිසා ඔබ මා දෙතැනක ඉන්නේ
ඈතින් හිඳන් අද මා හදවත සැනසෙන්නේ

අහංකාර කඳුළක් නෙත සිප ගන්නේ
ඔබ රූපය ටික ටික දැං බොඳවන්නේ

මහ වැස්සක් සේ කඳුළැලි බේරෙන්නේ
ඒ අතරින් ඔබ හිනැහෙනු දිස්වන්නේ

අත් පටලා ඔබ, මා හා මේ ලෙසිනේ
ගියෙ නැතිමුත් ගිය බව මැවිලා පෙනුනේ


                              http://www.stewardcoaching.com/i-love-you/


ඇසළ මහේ සැන්දෑවක පෙම්බර
මා සිත නැවතුනා ඔබ නෙතු අද්දර
රහසින් වත් නොබැලූ මුත් මා දෙස
ඔබ හට නොදැනුණිද මා දුටු සෙනෙහස

සිනාවක් ඔබේ මුවින් ලාවට
දුන් මොහොතේ මා සතු හදවත
ඔබ වෙත පුද කලත් මා, රහසෙම
ඔබ නොදන්නවා ඇති මා බැඳි පෙම

සිතින් පැතූවත් මා, ඔබ සෙනෙහස
මුවින් අසන්නට  වේවිද නොදැනම
දහස් මලක් සේ මා බැඳි සෙනෙහස
පූදියි ඔබ දුටු මතකය සිහි කැර
  
ආයෙත් ඔබ රුව දැක ගැනුම​ට
පියඹා එන්න සිතයි කතරට
ඇවිදින්, මා ළයේ බැඳි සෙනෙහස
කීවොත්  හැරදමා යන්නෙපා මම
අන්තර්ජාලෙට ​මා ගොවුනු ඒ කාලේ
චැට් හැර වෙන යමක් නොකලෙමි ඒ කාලේ
සය වසක් ගෙවී ඇතත් පසුවී ඒ කාලේ
බැඳි මිතුදම් තවමත් ඇත, මා හද පත්ලේ

බුකිය පරසිද්ද වී නොතිබූ ඒ කාලේ
හායි ෆයි, මයිස්පේස් තිබුනා ඒ කාලේ
බ්ලොග් කෙරුවාවක් නොදත්ත ඒ කාලේ
ෆෝරම් නම් නැගලා ගියා ඒ කාලේ

පස්සෙං පහු බුකිය ආවත් ඒ කාලේ
වැඩිපුර සැට් වුනේ චැ​ට් එකෙමයි ඒ කලේ
​​ෆෝරම් එපා වේගන එනකොට ඒ කාලේ
බ්ලොග් දුටුවා තුන් අවුරුද්දකට පෙර ඒ කාලේ

බ්ලොග් කෙරුවාවට අලුත් ඒ කාලේ
දෙතුන්දෙනයි බ්ලොග් එක බැලුවේ ඒ කාලේ
ඔන්ලයින් කවිමඬුවකට ජොයින්ට් වී ඒ කාලේ
වැපා ව දැන හැඳින ගත්තේ ඒ කාලේ

වැපා මගින් බස් දැනගෙන ඒ කාලේ
නොකා නොබී බස් පැද්දා ඒ කාලේ
බස් එකෙන් තොර ලොවක් නොතිබුනත් ඒ කාලේ
බ්ලොග් පැත්තෙත් දුවනවා මේ කාලේ

බස් කෙරුවාව නැගලා යනවා මේ කාලේ
ඊට හපන් බුකියත් දැං මේ කාලේ
බස් බුකි ජනප්‍රිය වී මේ කාලේ
මයිස්පේස්, ෆෝරම් යයි කැලයට මේ කාලේ




ප.ලි. - මතකැතුව මේ අවුරුද්දෙත් කවිමඬුවට එන්න...



















වළා පෙලින් සඳ වැසෙනා වෙලාවේ
ඔබෙ රුව සිතුවම් වේ සුදු වළාවේ
දහවල් සඳ ඔබෙ මුවේ දුටු සිනහවේ
කාන්තියට මුළු අහසම එලියවේ...


හීන් හඬින් ඔබ කෙඳිරූ වදන් පෙලේ
සුන්දර තැන් තවමත් රැවූ පිළි රැවූ දේ
සැඟවිලා ආදරයෙන් මා පපු තුරුලේ
සිප ගත් සැටි සිහි වේ නිදි යහනේ...


ආදරයෙන් යලි හමුවන්නට හෙට දිනයේ
පෙරුම් පුරා බලා හිඳිමි ආදරියේ
සිහින වසන්තය කැඳවා රෑ සිහිනේ
හෙට හමු වන්නට පෙර හමුවෙමු පෙම්බරියේ...


නේත්‍රා හට පෙම් කළ සැටි මා
නේත්‍රාවන් පමණයි දන්නේ මා
නේත්‍රාවන්ට බැඳි පෙම බිඳී මා 
නේත්‍රා වලින් කඳුළැලි වැටුනා මා

සසරේ පැතු පැතුමන් සේමා
නොසිතූ සේ හමු වී ඔබැ මා
මතකය පමණක් හදවතේ මා
ඉතිරි කැර සැඟවී, හැරගොස් මා

05 - 08 - 2010