දේදුන්නෙන් හැඩ වුනු මේ සැන්දෑ යාමේ
ඔබේ සුන්දර සියුමැළි වත මට සිහිවන්නේ

දොඩමලු වුනත් හැමදා, හැබැහින් නැ ඔබ දුටුවේ

ඔබ ගැන ආලය හද පත්ලේ ඉපැදෙන්නේ...


ඉපැදුන ආලය හද පත්ලේ රැඳෙන්නේ

දොඩමළු වන විට ඔබ හා, එය දළුලන්නේ


ඉපැදුන ආලය කෙලෙසද ඔබැහට පවසන්නේ
සිතමින්ම කාලය වේගෙන් ගතැවන්නේ...



එබිකම් කැරන සඳ එළියට අදත්
සිනහවකින් පිළිවදන් දුන්නත්
දිනෙන් දින ගෙවී ගොස් හෙමින්
මරණයට ලං වෙනව නේද අපිත්...

කිනම් කරුමයක්දෝ මෙය
මියැදුනොත් ඉපැදෙනවාමය
විටෙක සිතෙයි චීවරයක් රැගෙන
යන්නට මටත් බවුන් වැඩුමට...




මලක් සේ නෙතු අද්දර
විකසිත නොවූවත් ඔබ

ඉඳ හිට හෝ ඉහ ඉද්දර

දොඩමළු වන්නට එනවද ඔබ...


නැතිමුත් දහසක් සිහින එක්කැර
පමණයි එකම සිහිනය මට, ඔබ

බැරිමුත් ගන්නට එය, ළංකැර

තවමත් මගේ සිහිනය ඔබ...


අහස දුර ඇත බව සිහිකැර
ලොව දහම, පහදා දුන්නා ඔබ

අහස සේ දුර ගියත් මා හැර

අහස වෙතටම පෙම් බඳින්නෙමි මම...


සඟවා සඳ මීදුමේ
ඔබ සතපන්නම් අහසේ

නැතත් සඳ ගුවනේ

ඔබෙන්, ලොව බැබ
ළේ
...


නීල නුවන් යුග ඔබගේ
දුටු ඒ මුල් දිනයේ

බැඳුනේ හොර රහසේ

ඔබ හට ප්‍රිය ළඳුනේ...


විකසිත පෙම් කුසුමේ
පෙති නොතලනු ළඳුනේ

බැඳිපෙම හද පත්ලේ

ඔබ හටමයි සොඳුරේ...



අනන්ත සයුරේ දිය
බිඳු සේමා

ඔබ වෙතටම පෙම්

කලත් මා

තණ අග පිණි

බිඳුවක් සේමා

ඔබ පෙම් කැර මට

නෑ පෙරලා..



සඳ තනියට තරු හිඳිනා
වෙලාවේ..
මගෙ තනියට මතකය
සිහිවුනාවේ..
ඔබෙත් මගෙත් අවිහිංසක
පෙම් කතාවේ..
කඳුළු බිංදු ඔච්චම් කැර
සිනහවේ..





අඳුර මකන්නට පහන් සිලක් වත්
නොමැති රැයේ...
සිහින ගෙනෙන්නේ ඇයි නෙතු නිදි
නොමැති පැයේ...
කොපුල් තෙමන්නට කඳුලක් පෙරුමන්
පුරන වියේ...
ආදර සැමරුම් ගෙන මගෙ මතකය
ඇත ගියේ...

නමට සීමා වූ නිදහසක්
හිමි කැර දීමට සැබැවට

තබා පරදුවට තම දිවිය

පෙරට ගිය විරුවාණෙනි

පුදන්නට උපහාර ඔබට

එන්නට බැරිමුත් උළෙලට

ණය ගැතියි අප සැවොමා

ඉතිහාසයේ ඔබේ නම

ලියැවේ රන් අකුරින්..


ඉඳින් ඔබට
ආයුබෝවේවා..!!


අපේ ලෝ කම්හලේ
කම්කරුවන් වන අපේ
නිපදවන නිද්පාදිතෙන්
බිහිවන අතුරු ඵල
අතුරින් ප්‍රධාන එකක්
"නිමි" නොවී "නොනිමි" වී
නැවතුනා යාන්තමින්
පෙරදින රාත්‍රියේ....
***************************
නිකන් යන්න බැරි නිසා
අපේ අහිංසක කන් දෙකට
බලෙන්ම රිංගවන
ප්‍රයිවට් බස් වල
මෙලෝ රහක් නැති
අහගෙන යන්නම වෙනව ඉතිං
වෙන කරන්න දෙයක්
නැතිකමටම...


*****************************************

රහසින් මගෙ හිත
විමසයි ඔබ ගැන
ගියමුත් මා හැර
ඔබටයි මා, පෙම

හිමි නැතිමුත් ඔබ
දොඩමළු වන විට

ගිය බව මා හැර

අමතක වෙයි මට

නැතිමුත් පෙර මෙන්
දොඩමළු වන්නේ

ඉඳහිට අමතන විට

අමතක වේ හැම මට.....


සැපතෙදි ළඟම සිටී
විපතෙදි ළඟ නොමැතී
අහපන් සකි සඳුනී
නුඹ නැති එක තුටකී...
__________________________
නිෂා යාමයේදී සඳ අද්දර
අහසක් තරම් පැතුම් එක්කර
දහසක් හීන මවා ඇස අද්දර
පෙරුමන් පුරා හිත ඉද්දර
ඉල්ලුම් කලේ දැක පත්තර
මගෙ ජිවිතේ ගන්නට වෙනස්කර
දැම්මත් සී වී එක ඉල්ලුම් කැර
දින සති ගෙවුනත් ඉක්මන් කැර
සිටියත් මා සක්මන් කැර කැර
ආවේ නෑ තාමත් මට උත්තර ....
______________________________________


=================

සුසුමුදු නළල මැද
ලස්සන තිලකයක් තියාන
මා ලං වන විටම

ලැජ්ජාවෙන් ඉවත බැලුවත්

පෙරුම් පුරාගෙන මම

නාන් කාදලෙයි
කියූ විගසම
කාදලික්ක නේරුම් ඉල්ලේ
කියා
දිවගියත් හනි හනිකට

නාන් රොම්බ කාදලෙයි
කෙල්ලේ..

===========================

********************

නිල් සඳ මඬල යට
අහසක් තරම් උසට
සිතුම් වැල් පොදිබඳින
නැගෙනියනි මා දයාබර
නොරවටා නුඹෙ තුරුණු හිත
සදා ගනින් හිත් පොඩිය
එන්නේ නෑ ඔහු කිසි දිනෙක....

********************************