හිර වෙචිච හින්ද දිය නොයන කාණු එමටයි
බස් යෑම වගෙම ඔරු යෑම ඈත්තේ එනිසයි
ඒ මොනව වුනත් මුන් සැවොම යන්නෙ එහෙටයි...
ලොකු ලොක්කො ඉදන් පොර ටෝක් දෙන්නේ එහෙදී
ඒ ටෝක් වලින් යලි ඔරු නොයන බව ද කියතී...
ඒ ටෝක් වලින් දැන් අපෙ කණ් පිරී ඈති බව උන් දන්නෙ නැතී...
උන් දාන ටෝක් ගැන උන්ම දන්නේ නැතී
ඒ ටෝක් අසා දැන් අපිට ඈති වෙලා ඈතී...
ඒ වුනත් ඒ ටෝක් උන් නවත්වන පාටක් නම් මට පේන්නේ නැතී...
ප.ලි. මෙය, කරුණාරත්න දිවුල්ගනේ ගේ, බැබලීම වගෙම තාලයට කියවන්න..

අහස උසට ජීවන බර වැඩි වෙන්නේ
අය වැයකුත් ළඟ ලඟදිම පැමිණෙන්නේ
ඒකෙන් වත් සෙතක් වේද සිතමින්නේ
අප්පච්චී නිරතුරුවම පසුවන්නේ...
බඩු මිල ටික ටික පියඹන්නේ
ජීවත් වෙන අමාරුබව පෙනෙන්නේ
ගෙදරින් නිසා තාමත් කන්නට දෙන්නේ
ජීවන බර පොඩ්ඩක්වත් නොදැනෙන්නේ...
හැමදාමත් මෙහෙම ඉන්න බැරිවෙනේ
මගෙ දේවල් මට කරගන්න සිදුවෙන්නේ
ඒ හින්දා ඉදිරිය ගැන මට සිහිවන්නේ
සිහිවනකොටම බියැකුත් මට දැනෙන්නේ...
පංති යන්න සල්ලි ඕන, මල්ලි කියන්නේ
කොන්ඩෙ බඳින්න එකක් ඕන, නංගි හඬන්නේ
සීනි නැතුව තේ බොනවද, අම්ම අහන්නේ
මේව ඇහෙන විට, මට තනියම හැඬෙන්නේ...
කවදා හිතට සැනසීමක් දැනේදෝ
හැමදා මෙදුක උහුලන්නට වේ දෝ
මේ ලෙස ගෙවෙන්නේ පෙර කල පවක් දෝ
අබුද්දස්ස කාලේ කුමට උපන් දෝ...

අනන්තය සොයා මගෙ දෙනුවන් දුවද්දී
අහම්බෙන් වගේ ඔබෙ හිත හමු වෙච්චී...
ලොවුතුරා සුවය මට ඔබගෙන් දැනෙද්දී
ළං වුනා ඔබට මා, ඔබ මගෙ සිත සිඹිද්දී...
සදාකාලික ප්‍රේමයක් මා, ඔබේ නෙතු ළඟ සොයද්දී
සනාතන වී ඔබේ සෙනෙහස, මගේ සිත ළඟ රැඳිච්චී...
මලානික වී හිඳින සැම විට පැන් පොදක් සේ ඔබ වැටෙද්දී
නොසිඳෙනා ලෙස ඔබේ සෙනෙහෙන්, මගේ හදවත පිරිච්චී...
සිනා සලමින් මගේ නෙතු ළඟ, දිවා කල ඔබ රැඳෙද්දී
දකිනු රිසියෙන් ඔබේ රුව යලි, නිශා කල සැනෙකින් ගෙවිච්චී...
පැතූ විලසින් අපි, අපේ වන්නට පෙරුම් පුරමින් හිඳිද්දී
නොසිතුසේ ඔබ, ඔබද හැරදා මේ ලොවින් සමු ගනිච්චී...
පාන්දර නැගිට්ට ගමන්ම
කොම්පියුටරේ ලඟ හිඳ නොගත්තත්
නැගිටපු වෙලේ ඉඳන්ම
හිත කියන්නෙම එතනට පලයාං කියලා...
ගේ පොඩ්ඩක් අතුගාලා, පස්සේ
දත් මැදලා මූණ සෝදගෙන ආපු ගමන්
රස නොබලාම බත් ටිකක් ගිලලා
හිඳගන්නව ඇවිත් කොම්පියුටරේ ළඟට...
බ්ලොග් එක මුළු ජීවිතේම
කරගෙන හිටි කාලේ, අමතක වෙලා වගේ
බස් එකකට සෙට්වෙලා අලුතෙන්
රෑ දවල් ගෙවෙන්නේම මේ බස් එකේ...
සෙට් වුනාම බස් එකට
රෑ දවල් ගතවෙනවා දැනෙන්නැහැනේ
නිකමටවත් බ්ලොග් එකට
යන්න පොඩ්ඩක්වත් හිතෙන්නැහනේ...
කෑමටවත් වෙලාවක් නැ
නැගගත්හාතම මේ අලුත් බස් එකට
කෑගහනවා අම්මා කුස්සියේ
කෑම මතක් වෙන්නෙ එතකොටනේ...
කාපු ගමන් දුවගෙන ඇවිත්
නැග ගන්නවා ආයෙමත් මේ බස් එකට
එළිවෙනකන් ඉන්න හිතුනත් මේකෙ
නින්දට යනවා බස් ගැන හිත හිතාම...
නිදා ගත්තත් ඇඳේ
හිත තියෙන්නේම මේ බස් එකේ
හීනෙනුත් බස් එකේ ගොස්
හෙට උදෙත් නගිනව මේ බස් එකේ...

දරා දස මසක් කුස තුල මා
දරා දහසක් ගැහැට, නිසා මා
වරා නෙතු නිදි, එනතුරා මා
දරා දුක බිහි කලේ, ඔබැ මා..
එදා ඔබැ දැරු දුකට අම්මේ
සදා මා ණයගැතියි අම්මේ
උපදිනා මතු භවෙත් අම්මේ
ඔබේම පුතු වේවා මගේ අම්මේ..
මල් සුවඳ පරදනා ඔබේ සුවඳින්
සුවඳ කැරවයි නිවස නැහැමින්
ඔබැ නොමැති කල ගෙවෙන දිනයන්
මෙනිය පහන් දැල්වූවත් අඳුරු කුටියන්..
මවුනි ඔබැ සැමදා නීරෝගි වේවා..
මගේ ආයුත් ගෙන ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් දැක නිවන් ලැබේවා..
අම්මේ ඔබට සුභ උපන්දිනක් වේවා...!!
දරා දහසක් ගැහැට, නිසා මා
වරා නෙතු නිදි, එනතුරා මා
දරා දුක බිහි කලේ, ඔබැ මා..
එදා ඔබැ දැරු දුකට අම්මේ
සදා මා ණයගැතියි අම්මේ
උපදිනා මතු භවෙත් අම්මේ
ඔබේම පුතු වේවා මගේ අම්මේ..
මල් සුවඳ පරදනා ඔබේ සුවඳින්
සුවඳ කැරවයි නිවස නැහැමින්
ඔබැ නොමැති කල ගෙවෙන දිනයන්
මෙනිය පහන් දැල්වූවත් අඳුරු කුටියන්..
මවුනි ඔබැ සැමදා නීරෝගි වේවා..
මගේ ආයුත් ගෙන ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් දැක නිවන් ලැබේවා..
අම්මේ ඔබට සුභ උපන්දිනක් වේවා...!!
හීන අරන් නාවත් ඔබ, ඉස්සර සේම
ඉඳහිට හිනැහෙන විට අයෙත් හිත ගාව
අමතක කරන්න අමතක කරනවා ඔබ මට
නුඹ නමට පෙරුම් පෙරුම් පුරපු අතීතය...
කහ මල් වැට අද්දරට වී සැමදා හවසට
ඉඟි බිඟි පාමින් දොඩම්ළු වී මා එක්කල
පෙම් බස් මුමුනමින් මාහා, මට පෙම් කළ
ඔබ අද සුරතල් පුතු සමගින් යයි මඟ...
සුසුමක උණුහුම සෙවුවත් මා ඔබට සොරා
සුසුම් සුවඳ ඔබෙ, සැඟවී යයි මටත් හොරා
පෙරදා මට දුන් ඒ සෙනෙහස මටත් හොරා
ඔහු වෙත දුන්නත්, මා ආදරෙයි ඔහුට සොරා...

දිගු කලෙකින් ඔබැ මතකෙට සපැමිණ
අමතක කැරුමට වෙරගත් සෙනේ සිහිකැර
සුවපත් වූ මා සිත රිදවා හොඳටම
රැගෙන ගියා මා සිත ආයෙත් ඔබැ ලඟටම...
පිරිසිදු සෙනෙයස ඔබැ වෙත පිදුවම
හැරදා ගියත් ඔබැ මාගෙන් දුර ඈතට
ඔබැ වෙත බැඳි සෙනෙහේ පිවිතුරු හින්දම
වෙනත් ළඳක් වෙත ලං වනු බැහැ කිසිදින...
කඳුලක් වුනත් මා පැතු ඒ සෙනෙහස
සතුටින් ගෙවෙයි නම් ඔබෙ පෙම්ලොව සුන්දර
කහටක් හිතේ රඳවා ගන්නේ කෝමද
කිසිදින ළං නොම වේවා ඔබැවෙත ගින්දර...
--------------------------------------------------------------------------------------

පිරුණු පැතුමන් හද
පොදි බැඳන් අද
මා දුරක් පහු කැර
ඇවිත් ඔබැ සෙවූ සඳ
ඔබැ නොදුටු මා හද
හෙලූ දුක් කඳුළු ගඟ
ගලන්නට සැරසෙන සඳ
නිමේෂයෙන් මා අභියස
සිත්තම් වී මා සෙවූ ලඳ
සතුටින් මගේ හද
ඉපිලී යන හැඩ
බලනු මා සිහින ලඳ..
පොදි බැඳන් අද
මා දුරක් පහු කැර
ඇවිත් ඔබැ සෙවූ සඳ
ඔබැ නොදුටු මා හද
හෙලූ දුක් කඳුළු ගඟ
ගලන්නට සැරසෙන සඳ
නිමේෂයෙන් මා අභියස
සිත්තම් වී මා සෙවූ ලඳ
සතුටින් මගේ හද
ඉපිලී යන හැඩ
බලනු මා සිහින ලඳ..
-----------------------------------------------------------------






