කදුලැල් ගලනා මා නෙත් යුගලේ
සිතුවම් කිම නුඹ හට නොපෙනෙන්නේ

ඔබ වෙනුවෙන් හඩනා හින්දාදො

ඔච්චම් කැර හිනැහෙන්නේ...

සගවන්නට බැරි මතකය ඔබගේ
සිහික‍රමින් සනසෙන්නට දො

මධුවිත ස‍රණ සොයමින් මේ

මා සැමදා වෙහෙසෙන්නේ
...
සැන්දෑ යාමේ පාලුවේ
ඔබේ සුවද දැනෙන්නේ
කිමදැයි සොදුරියේ
මා හට පවසාපන් නේ...

හැරදා ගියේ මගෙ ලොකේ
ඉඩ මදි වීදො මගේ ලයේ
හැරදා ගියත්, දී සොකේ
ඔබ නමටයි මගේ හීනේ...
ප‍රණ කවි ටිකක් මතක් වුනා..

සද හිනැහී තිබෙන සද
සදෙන් ඔබ දකින සද
සදට බැදිපෙම සිහිවෙන සද
හදට සුසුමක් දී ගියා මගේ සද..

සදට පෙම් කැර සද
සද මගේ යැයි සිතුන සද
ඒත්,
සදට වෙනත් ඉරක් ඇති සද
සද ගිහින් හැර මගේ හද..

සද නැති නිසා දැන් මගේ හදේ
සද සිහිවෙනවා මට හැම සදේ
ගිය නිසා ඔබ මා හැරදා මගෙ සදේ
නුඹට දුකක් හිතුනෙම නැද්ද කොයි සදේ..

සිහින අහසේ මගේ සද
දකිනවා යහනේ සිටින සද
නහින සැටි සද නැතුව මගේ හද
දැනෙන්නෙම නැද්ද මා සද..




- දෙවන කොටසක් ඇත..
හිතුවෙමත් නැති දවසක
හිතන්නතුවම ලං වුනා
අතීතයේ දුර ඈතක
ආද‍රේ මග වැරදුනා..

අපි අපිම අද ආයෙම
හමු වුනා ඒ පාරෙම..//

මල් යාය මැලවුනා
මල් දෙවැට හැඩිවුනා
සමණල්ලු ඉර හැරුණු අත ගියා..
අපි ආයෙ නොයෙනා නිසා..//

නිල් අහස කළු වුනා
ඉකි ගගහා වැලපුනා
කදුලින්ම පිරුනු වැව බොරවුනා..
අපි නිතර ආව ගිය තැන නිසා..//



මේක මගේ සිතුවිල්ලක් නෙවෙයි උනත් මේ සිතුවිල්ල ගොඩාක් සංවේදී එකක්... ඒක නිසා මම දැම්මෙ ඔන්න...
ඔයාලත් රස විදින්න් ඔන්න එහෙනම්...

නොසිතු සේ මා ලං උනේ
සස‍රෙ හුරුබව දුටු දිනේ,
බැදුනු පෙම් හිත පෙර දිනේ
කදුළු වපුරයි අද දිනේ...

අහිමි බව දැනුනා දිනේ
රහසෙ හැඩුනේ පාලුවේ
යන්න යන මුත් මතුදිනේ
ඔබට පමණයි ආද‍රේ...
හෙමිහිට හදාගන්න
හදුවත් මගෙ හිත
අවනත වෙන්නෙම
නැහැ මට එය..

කදුල වුනත් අද
ඔබට පිදූ ආද‍රය
සදා රකින්නම් මම
ඇති තුරු මගේ පන..
අවිහිංසක සිතුවිලි මැද
තනිවූ සැම මොහොතෙම
මිහිරි අතීතය සිහිවී
කඩා හැලේ දෙනුවන් අගින්
මිණි මිණි කදුලු...

අහිමි වුන ඔබගෙන් මට
හිමි වුන සුන්ද‍ර මතකයෙන් මම
සැනසෙන්න වෙර ද‍රන්නම්
අතීතය සිහිනයක් කියා...

මොහොතක් සිනාසෙන්නට
වෙරද‍රන
හැම මොහොතෙම
යන්නේ ඈතටම
සිනහව,
අවැසි නැති
නිසාදො මට
සිනහව...
සිනාසෙන්නට වෙර දරන
කඩුපුල් මලේ
සියුමැළි ඔබේ පෙති මත
සමණලුන් දග ක‍රන්නට
වෙරද‍රයි නම්,
සිනාසෙන්නේ
කෙලෙස ඔබ
විසිතුරු ලොවක් නැත
ඔබට
ඔබේ හිසෙ තුරුලු ක‍රන්
සිටිනා ත‍රම්,
නැත රන් මිණි මුතු මට
ඔබ ගෙල පළදන්නට
නැත රජ මාලිගා මට
ඔබ කැදවාලන්නට

එනමුදු ඔබ කැදවමි මම
මගෙ දුප්පත් හදවතට...