--------------------------------------------------------------------------------------


පිරුණු පැතුමන් හද
පොදි බැඳන් අද
මා දුරක් පහු කැර
ඇවිත් ඔබැ සෙවූ සඳ
ඔබැ නොදුටු මා හද
හෙලූ දුක් කඳුළු ගඟ
ගලන්නට සැරසෙන සඳ
නිමේෂයෙන් මා අභියස
සිත්තම් වී මා සෙවූ ලඳ
සතුටින් මගේ හද
ඉපිලී යන හැඩ
බලනු මා සිහින ලඳ..

-----------------------------------------------------------------



නෙතු අභියස පිපුන
දැනුන නිසා ඔබෙ සුවඳ
පවසන්න හිතයි මා පෙම
ඔබ යයිදෝ සිත නොදැනීම

අහස තරම් සුවිසල් පෙම
බැඳුනොත් හැරයන්නැ මම
පිදුවොත් ඔබෙ නොයිඳුල් පෙම
රැක් ගන්නම් පන ඇතිතෙක් මම

ඉපැදුන සහසක් පැතුම් හදෙ
විමසයි උණුසුම ළඟ ඔබෙ
කඳුලක් නොම දී නෙතු අග
පිළිගන්නකො මා ළය බැඳි සෙනෙහස



වෙට්ටු දම දමා අපිට, අපි වටා කැරකෙන

තට්ටු කැරන්නට අපිව, අපි ලගටම එන

මට්ටු කැරන්නට හැදුවත්, කැරන්න බැරිවුන

තුට්ටු වකටවත් අපිව, මායිම් නොකැරන‍‍

ඔට්ටු වෙන්න හැදුවත් අපේ අය ලොකුවට

කිට්ටු ව‍කටවත් තාමත් යන්න බැරිවුන


අපේ ප්‍රභලම හතුරා ඩෙන්ගු...




දේදුන්නෙන් හැඩ වුනු මේ සැන්දෑ යාමේ
ඔබේ සුන්දර සියුමැළි වත මට සිහිවන්නේ

දොඩමලු වුනත් හැමදා, හැබැහින් නැ ඔබ දුටුවේ

ඔබ ගැන ආලය හද පත්ලේ ඉපැදෙන්නේ...


ඉපැදුන ආලය හද පත්ලේ රැඳෙන්නේ

දොඩමළු වන විට ඔබ හා, එය දළුලන්නේ


ඉපැදුන ආලය කෙලෙසද ඔබැහට පවසන්නේ
සිතමින්ම කාලය වේගෙන් ගතැවන්නේ...



එබිකම් කැරන සඳ එළියට අදත්
සිනහවකින් පිළිවදන් දුන්නත්
දිනෙන් දින ගෙවී ගොස් හෙමින්
මරණයට ලං වෙනව නේද අපිත්...

කිනම් කරුමයක්දෝ මෙය
මියැදුනොත් ඉපැදෙනවාමය
විටෙක සිතෙයි චීවරයක් රැගෙන
යන්නට මටත් බවුන් වැඩුමට...




මලක් සේ නෙතු අද්දර
විකසිත නොවූවත් ඔබ

ඉඳ හිට හෝ ඉහ ඉද්දර

දොඩමළු වන්නට එනවද ඔබ...


නැතිමුත් දහසක් සිහින එක්කැර
පමණයි එකම සිහිනය මට, ඔබ

බැරිමුත් ගන්නට එය, ළංකැර

තවමත් මගේ සිහිනය ඔබ...


අහස දුර ඇත බව සිහිකැර
ලොව දහම, පහදා දුන්නා ඔබ

අහස සේ දුර ගියත් මා හැර

අහස වෙතටම පෙම් බඳින්නෙමි මම...


සඟවා සඳ මීදුමේ
ඔබ සතපන්නම් අහසේ

නැතත් සඳ ගුවනේ

ඔබෙන්, ලොව බැබ
ළේ
...


නීල නුවන් යුග ඔබගේ
දුටු ඒ මුල් දිනයේ

බැඳුනේ හොර රහසේ

ඔබ හට ප්‍රිය ළඳුනේ...


විකසිත පෙම් කුසුමේ
පෙති නොතලනු ළඳුනේ

බැඳිපෙම හද පත්ලේ

ඔබ හටමයි සොඳුරේ...



අනන්ත සයුරේ දිය
බිඳු සේමා

ඔබ වෙතටම පෙම්

කලත් මා

තණ අග පිණි

බිඳුවක් සේමා

ඔබ පෙම් කැර මට

නෑ පෙරලා..



සඳ තනියට තරු හිඳිනා
වෙලාවේ..
මගෙ තනියට මතකය
සිහිවුනාවේ..
ඔබෙත් මගෙත් අවිහිංසක
පෙම් කතාවේ..
කඳුළු බිංදු ඔච්චම් කැර
සිනහවේ..





අඳුර මකන්නට පහන් සිලක් වත්
නොමැති රැයේ...
සිහින ගෙනෙන්නේ ඇයි නෙතු නිදි
නොමැති පැයේ...
කොපුල් තෙමන්නට කඳුලක් පෙරුමන්
පුරන වියේ...
ආදර සැමරුම් ගෙන මගෙ මතකය
ඇත ගියේ...

නමට සීමා වූ නිදහසක්
හිමි කැර දීමට සැබැවට

තබා පරදුවට තම දිවිය

පෙරට ගිය විරුවාණෙනි

පුදන්නට උපහාර ඔබට

එන්නට බැරිමුත් උළෙලට

ණය ගැතියි අප සැවොමා

ඉතිහාසයේ ඔබේ නම

ලියැවේ රන් අකුරින්..


ඉඳින් ඔබට
ආයුබෝවේවා..!!


අපේ ලෝ කම්හලේ
කම්කරුවන් වන අපේ
නිපදවන නිද්පාදිතෙන්
බිහිවන අතුරු ඵල
අතුරින් ප්‍රධාන එකක්
"නිමි" නොවී "නොනිමි" වී
නැවතුනා යාන්තමින්
පෙරදින රාත්‍රියේ....
***************************
නිකන් යන්න බැරි නිසා
අපේ අහිංසක කන් දෙකට
බලෙන්ම රිංගවන
ප්‍රයිවට් බස් වල
මෙලෝ රහක් නැති
අහගෙන යන්නම වෙනව ඉතිං
වෙන කරන්න දෙයක්
නැතිකමටම...


*****************************************

රහසින් මගෙ හිත
විමසයි ඔබ ගැන
ගියමුත් මා හැර
ඔබටයි මා, පෙම

හිමි නැතිමුත් ඔබ
දොඩමළු වන විට

ගිය බව මා හැර

අමතක වෙයි මට

නැතිමුත් පෙර මෙන්
දොඩමළු වන්නේ

ඉඳහිට අමතන විට

අමතක වේ හැම මට.....


සැපතෙදි ළඟම සිටී
විපතෙදි ළඟ නොමැතී
අහපන් සකි සඳුනී
නුඹ නැති එක තුටකී...