අන්තර්ජාලෙට ​මා ගොවුනු ඒ කාලේ
චැට් හැර වෙන යමක් නොකලෙමි ඒ කාලේ
සය වසක් ගෙවී ඇතත් පසුවී ඒ කාලේ
බැඳි මිතුදම් තවමත් ඇත, මා හද පත්ලේ

බුකිය පරසිද්ද වී නොතිබූ ඒ කාලේ
හායි ෆයි, මයිස්පේස් තිබුනා ඒ කාලේ
බ්ලොග් කෙරුවාවක් නොදත්ත ඒ කාලේ
ෆෝරම් නම් නැගලා ගියා ඒ කාලේ

පස්සෙං පහු බුකිය ආවත් ඒ කාලේ
වැඩිපුර සැට් වුනේ චැ​ට් එකෙමයි ඒ කලේ
​​ෆෝරම් එපා වේගන එනකොට ඒ කාලේ
බ්ලොග් දුටුවා තුන් අවුරුද්දකට පෙර ඒ කාලේ

බ්ලොග් කෙරුවාවට අලුත් ඒ කාලේ
දෙතුන්දෙනයි බ්ලොග් එක බැලුවේ ඒ කාලේ
ඔන්ලයින් කවිමඬුවකට ජොයින්ට් වී ඒ කාලේ
වැපා ව දැන හැඳින ගත්තේ ඒ කාලේ

වැපා මගින් බස් දැනගෙන ඒ කාලේ
නොකා නොබී බස් පැද්දා ඒ කාලේ
බස් එකෙන් තොර ලොවක් නොතිබුනත් ඒ කාලේ
බ්ලොග් පැත්තෙත් දුවනවා මේ කාලේ

බස් කෙරුවාව නැගලා යනවා මේ කාලේ
ඊට හපන් බුකියත් දැං මේ කාලේ
බස් බුකි ජනප්‍රිය වී මේ කාලේ
මයිස්පේස්, ෆෝරම් යයි කැලයට මේ කාලේ




ප.ලි. - මතකැතුව මේ අවුරුද්දෙත් කවිමඬුවට එන්න...



















වළා පෙලින් සඳ වැසෙනා වෙලාවේ
ඔබෙ රුව සිතුවම් වේ සුදු වළාවේ
දහවල් සඳ ඔබෙ මුවේ දුටු සිනහවේ
කාන්තියට මුළු අහසම එලියවේ...


හීන් හඬින් ඔබ කෙඳිරූ වදන් පෙලේ
සුන්දර තැන් තවමත් රැවූ පිළි රැවූ දේ
සැඟවිලා ආදරයෙන් මා පපු තුරුලේ
සිප ගත් සැටි සිහි වේ නිදි යහනේ...


ආදරයෙන් යලි හමුවන්නට හෙට දිනයේ
පෙරුම් පුරා බලා හිඳිමි ආදරියේ
සිහින වසන්තය කැඳවා රෑ සිහිනේ
හෙට හමු වන්නට පෙර හමුවෙමු පෙම්බරියේ...


නේත්‍රා හට පෙම් කළ සැටි මා
නේත්‍රාවන් පමණයි දන්නේ මා
නේත්‍රාවන්ට බැඳි පෙම බිඳී මා 
නේත්‍රා වලින් කඳුළැලි වැටුනා මා

සසරේ පැතු පැතුමන් සේමා
නොසිතූ සේ හමු වී ඔබැ මා
මතකය පමණක් හදවතේ මා
ඉතිරි කැර සැඟවී, හැරගොස් මා

05 - 08 - 2010

ජනවාරි එකොලහයි අද
අමක වෙන්නැති දවසක් මට
අහිම වුනත් පෙම ඇගෙ
මා පෙම් කළ ඇගෙ උපන්දිනයි අද....

පතන්න බෑ මතු භවේ
මගේම වෙන්න කියා
මේ භවේදී වත් ඔයා
මට සිහිනෙන් වත් හිමි නොවූ නිසා....

ඉඳින් මා, ලබැඳි සොඳුරියේ
සිතුම් පැතුම් සරු වී ඔබේ
ලැබුවා වූ මේ නව වසරේ
වාසනාවක් වේවා යැයි පතන්නෙමි මෙසේ....

සුභ උපන්දිනයක් වේවා....!!


ප.ලි. - එන සිංහල අවුරුද්දට කලින් සංවිදානය වෙමින් පවතින අවුරුදු උත්සවය ගැන දැනගන්න කැමති නම් මෙතනට ගොඩ වන්න


සිහිල් සුළං රැල් හමනා සැඳැවේ
අමුතු හැඟුම් හිත ඈතුලට හමා ඒ
යාන්තමින් ඔබ මට දුන් සිනාවේ
රහස කියා දෙනවද මට ප්‍රියාවේ....

කාන්සියක් ​හිත දැවටෙන වෙලාවේ
ඔබැ හමුවූ පෙර දා සිහි වුනා වේ...

තිසරාවිය සේ, මා හද විල් තලාවේ
සුඳ සලනු මැන මා සුමිහිරාවියේ...

උඳුවප් සීතලේ
පිපුණු සකුරා මලක් සේ
දුටිමි ඔබ මුල් වරට
තිගැස්සුනෙමි මම
අමුතුම හැඟුමක්
හද පුරාම
අහා.......​​
කෙතරම් සොඳුරු ද
ඒ හැඟුම
පසුව හඳුනාගතිමි
ආ ද ර ය
බව




ලෙන්දර සුසේ ලැන යසි ගමනා
මක දැගෙ වදහතෙ රැබ ඔඳුනා
තැන් රල්ලක් වල ගෙටකැර බන්දා
කැනමාළිය මර යන ගෙමි කැන්දා...

විසන් දදා සනා සිලන දුව මුටුවාම
දෙයැළු සී වෙමතකැ අලා මට
හිඳුලින් කනැහුනු අගෙ මතීතෙට
කින්න යයෑමි එබ ඔනවානම් හෙට....



ප.ලි - පොඩි වෙනසකටත් එක්ක ලිව්වා අනිත් පැත්ත ගහලා.... අවුලක් නෑ නේ.... :D



හිර වෙචිච හින්ද දිය නොයන කාණු එමටයි
බස් යෑම වගෙම ​ඔරු යෑම ඈත්තේ එනිසයි
ඒ මොනව වුනත් මුන් සැ​වොම යන්නෙ එහෙටයි...


ලොකු ලොක්කො ඉදන් පොර ටෝක් දෙන්නේ එහෙදී
ඒ ටෝක් වලින් යලි ඔරු නොයන බව ද කියතී...

ඒ ටෝක් වලින් දැන් අපෙ කණ් පිරී ඈති බව උන් දන්නෙ නැතී...

උන් දාන ටෝක් ගැන උන්ම දන්නේ නැතී
ඒ ටෝක් අසා දැන් අපිට ඈති වෙලා ඈතී...

ඒ වුනත් ඒ ටෝක් උන් නවත්වන පාටක් නම් මට පේන්නේ නැතී...

ප.ලි. මෙය, කරුණාරත්න දිවුල්ගනේ ගේ, බැබලීම වගෙම තාලයට කියවන්න..

අහසේ පුළුන් වළා
රහසේ එකතු වෙලා
අහසේ ඔබේ සිනා
රහසේ මවා ගියා...

සුරතල් ඔබේ සිනා
සිහිනෙන් කතා කලා
පහසක් ඔබෙන් පතා
මසිතත් උමතු වෙලා...

නළමුදු සුළඟ පවා
ඔබ ගැන කතා කියා
මා හද පෙලා දමා
ම ළඟින් හමා ගියා...


අහස උසට ජීවන බර වැඩි වෙන්නේ
අය වැයකුත් ළඟ ලඟදිම පැමිණෙන්නේ

ඒකෙන් වත් සෙතක් වේද සිතමින්නේ

අප්පච්චී නිරතුරුවම පසුවන්නේ...


බඩු මිල ටික ටික පියඹන්නේ
ජීවත් වෙන අමාරුබව පෙනෙන්නේ

ගෙදරින් නිසා තාමත් කන්නට දෙන්නේ

ජීවන බර පොඩ්ඩක්වත් නොදැනෙන්නේ...


හැමදාමත් මෙහෙම ඉන්න බැරිවෙනේ
මගෙ දේවල් මට කරගන්න සිදුවෙන්නේ

ඒ හින්දා ඉදිරිය ගැන මට සිහිවන්නේ

සිහිවනකොටම බියැකුත් මට දැනෙන්නේ...


පංති යන්න සල්ලි ඕන, මල්ලි කියන්නේ
කොන්ඩෙ බඳින්න එකක් ඕන, නංගි හඬන්නේ

සීනි නැතුව තේ බොනවද, අම්ම අහන්නේ

මේව ඇහෙන
විට, මට තනියම හැඬෙන්නේ...

කවදා හිතට සැනසීමක් දැනේදෝ
හැමදා මෙදුක උ
හුලන්නට වේ දෝ
මේ ලෙස ගෙවෙන්නේ පෙර කල පවක් දෝ

අබුද්දස්ස කාලේ කුමට උපන් දෝ...

















අනන්තය සොයා මගෙ දෙනුවන් දුවද්දී
අහම්බෙන් වගේ ඔබෙ හිත හමු වෙච්චී...


ලොවුතුරා සුවය මට ඔබගෙන් දැනෙද්දී

ළං වුනා ඔබට මා, ඔබ මගෙ සිත සිඹිද්දී...


සදාකාලික ප්‍රේමයක් මා, ඔබේ නෙතු ළඟ සොයද්දී

සනාතන වී ඔබේ සෙනෙහස, මගේ සිත ළඟ රැඳිච්චී...


මලානික වී හිඳින සැම විට පැන් පොදක් සේ ඔබ වැටෙද්දී

නොසිඳෙනා ලෙස ඔබේ සෙනෙහෙන්, මගේ හදවත පිරිච්චී...


සිනා සලමින් මගේ නෙතු ළඟ, දිවා කල ඔබ රැඳෙද්දී

දකිනු රිසියෙන් ඔබේ රුව යලි, නිශා කල සැනෙකින් ගෙවිච්චී...


පැතූ විලසින් අපි, අපේ වන්නට පෙරුම් පුරමින් හිඳිද්දී

නොසිතුසේ ඔබ, ඔබද හැරදා මේ ලොවින් සමු ගනිච්චී...

පාන්දර නැගිට්ට ගමන්ම
කොම්පියුටරේ ලඟ හිඳ නොගත්තත්
නැගිටපු වෙලේ ඉඳන්ම
හිත කියන්නෙම එතනට පල
යාං කියලා...

ගේ පොඩ්ඩක් අතුගාලා, පස්සේ
දත් මැදලා මූණ සෝදගෙන ආපු ගමන්
රස නොබලාම බත් ටිකක් ගිලලා
හිඳගන්නව ඇවිත් කොම්පියුටරේ ළඟට...

බ්ලොග් එක මුළු ජීවිතේම
කරගෙන හිටි කාලේ, අමතක වෙලා වගේ
බස් එකකට සෙට්වෙලා අලුතෙන්
රෑ දවල් ගෙවෙන්නේම මේ බස් එකේ...

සෙට් වුනාම බස් එකට
රෑ දවල් ගතවෙනවා දැනෙන්නැහැනේ
නිකමටවත් බ්ලොග් එකට
යන්න පොඩ්ඩක්වත් හිතෙන්නැහනේ...

කෑමටවත් වෙලාවක් නැ
නැගගත්හාතම මේ අලුත් බස් එකට
කෑගහනවා අම්මා කුස්සියේ
කෑම මතක් වෙන්නෙ එතකොටනේ...

කාපු ගමන් දුවගෙන ඇවිත්
නැග ගන්නවා ආයෙමත් මේ බස් එකට
එළිවෙනකන් ඉන්න හිතුනත් මේකෙ
නින්දට යනවා බස් ගැන හිත හිතාම...

නිදා ගත්තත් ඇඳේ
හිත තියෙන්නේම මේ බස් එකේ
හීනෙනුත් බස් එකේ ගොස්
හෙට උදෙත් නගිනව මේ බස් එකේ...

දරා දස මසක් කුස තුල මා
දරා දහසක් ගැහැට, නිසා මා
වරා නෙතු නිදි, එනතුරා මා
දරා දුක බිහි කලේ, ඔබැ මා..

එදා ඔබැ දැරු දුකට අම්මේ
සදා මා ණයගැතියි අම්මේ
උපදිනා මතු භවෙත් අම්මේ
ඔබේම පුතු වේවා මගේ අම්මේ..

මල් සුවඳ පරදනා ඔබේ සුවඳින්
සුවඳ කැරවයි නිවස නැහැමින්
ඔබැ නොමැති කල ගෙවෙන දිනයන්
මෙනි
ය පහන් දැල්වූවත් අඳුරු කුටියන්..

මවුනි ඔබැ සැමදා නීරෝගි වේවා..
මගේ ආයුත් ගෙන ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් දැක නිවන් ලැබේවා..
ම්
මේ ඔබට සුභ උපන්දිනක් වේවා...!!


නිහඬ අහස රෑ තුන් යාමේ
ඔබැ ගැන විමසයි පෙම්බරියේ...

රහසක් කියන්න ආදරයේ
සිහිනෙන්
එනවද සියුමැළියේ...

ඔබැ හිනැහුනු ඒ හිමිදිරියේ
මා හදවත ඔබැ රැගෙනගියේ...

පෙම් ලොවැ මා දුටු සුභ සිහිනේ
එළිය කැරනවද ආදරියේ...



හීන අරන් නාවත් ඔබ, ඉස්සර සේම
ඉඳහිට හිනැහෙන විට අයෙත් හිත ගාව
අමතක කරන්න අමතක කරනවා ඔබ මට
නුඹ නමට පෙරුම් පෙරුම් පුරපු අතීතය...

කහ මල් වැට අද්දරට වී සැමදා හවසට
ඉඟි බිඟි පාමින් දොඩම්ළු වී මා එක්කල
පෙම් බස් මුමුනමින් මාහා, මට පෙම් කළ
ඔබ ද සුරතල් පුතු සමගින් යයි ...

සුසුමක උණුහුම සෙවුවත් මා ඔබට සොරා
සුසුම් සුවඳ ඔබෙ, සැඟවී යයි මටත් හොරා
පෙරදා මට දුන් ඒ සෙනෙහස මටත් හොරා
ඔහු වෙත දුන්නත්, මා ආදරෙයි ඔහුට සොරා...